IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හැදුනුම්පත්, උප්පැන්න සහතික ,විභාග ප්‍රථිපල සමාජ මාධ්‍යවල දාන්න එපා

 

  • හැඳුනුම්පත් අංක හා උප්පැන්න සහතිකවල තොරතුරු ගෙන අන්තර්ජාල බැංකු ගිණුම් හැදීම වැඩිවෙලා 

උපුල් වික්‍රමසිංහ
ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල යනාදී ලේඛනවල ඡායාරූප සහ විස්තර ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල ප්‍රසිද්ධ කිරීම හා ව්‍යාජ වෙබ් අඩවිවල පළ කිරීම අන්තර්ජාලය ඔස්සේ 
සිදු වෙන වංචාවලට ගොදුරු වීමට හේතු වෙන බව සයිබර් අපරාධ සම්බන්ධ විශේෂඳයෝ පෙන්වා දෙති.
එම ලේඛනවල ඇතුළත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක යොදා ගෙන සිම්පත් ලබා ගැනීම, අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීම සහ ව්‍යාජ අන්තර්ජාල බැංකු ගිණුම් සකස් කිරීම යනාදී ක්‍රම ඔස්සේ විවිධ වංචනික පුද්ගලයන් විසින් අන්තර්ජාලය ආශ්‍රිතව සිදු කරනු ලබන වංචනික කටයුතුවල වර්ධනයක් මෑතකාලයේ දී දැක ගත හැකි බව ද ඔවුහු පවසති.  

එසේම විභාග ප්‍රතිඵල ලේඛනවල ඇතුළත් විභාග අංක සහ ජාතික හැඳුනුම්පත් අංක යොදා ගනිමින් එම විස්තරවලින්ම පෙනී සිටිමින් ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කළ හැකි බවත් උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් යොදා ගනිමින් අන්තර්ජාල බැංකු ගිණුම් සකස් කර ඒවා මගින් මුදල් වංචා කළ හැකි බවත් එම විශේෂඥයෝ කියති.
ගූගල්, මයික්‍රොසොෆ්ට් වැනි ආයතන නමින් පෙනී සිටිමින් පරිගණකවල වෛරස් ඇති බවත් ඒවා ඉවත් කිරීමට සහාය විය හැකි බවත් දන්වමින් ඊමේල් පණිවුඩ එවීම සුලභව සිදු කරන බවත් ඒ ඔස්සේ පරිගණකවලට ඇතුළු වී දත්ත සොරකම් කරන බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ ඉරිදා ලංකාදීපයට පැවසීය. තෑගි මුදල් දිනා ඇති බව දන්වමින් පණිවුඩ එවීම, නොගෙවා ඇති බදු වෙනුවෙන් දඩ මුදල් පනවා ඇති බව දන්වමින් ඒ ඔස්සේ මුදල් වංචා කිරීම යනු අන්තර්ජාල වංචාකරුවන් භාවිත කරන ප්‍රකට උපක්‍රම බව ද හෙතෙම සඳහන් කළේය.
සයිබර් ආරක්ෂණ උපදේශක අසේල වෛද්‍යාලංකාර ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය හොඳින් ක්‍රියාත්මක වෙන සහ සංචාරක වීසාවලින් පහසුවෙන් පැමිණිය හැකි රටවල් කේන්ද්‍ර කරගෙන අන්තර්ජාල වංචා කිරීමට ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පෙළඹෙන බවය. 2020 ට පෙර අන්තර්ජාල මූල්‍ය වංචා කටයුතු වැඩි වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සිදු වුව ද ඉන්පසු කාලයේ දී දේශීය භාෂා හා දේශීය සන්නාම මගින් ඒවා සිදු කෙරුණෙන් ඒවාට හසුවෙන පුද්ගලයන්ගේ ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

හැදුනුම්පත්, උප්පැන්න සහතික ,විභාග ප්‍රථිපල සමාජ මාධ්‍යවල දාන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site