සුජිත් හේවාජුලිගේ
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 132 වගන්තියට අනුව කමිටු සමාජිකයන් වැඩි දෙනෙකු ගේ බහුතර කැමැත්ත මත කමිටු සභාපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇති අතර ඒ අනුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්තමාන කෝප් සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව ගෙන ඒමට නියමිතය. එය සඳුදා (20 දා) දිනයේ කතානායකවරයාට බාර දිමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට පැමිණි අවස්ථාවේ දී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධයක් ඇති වූ අතර ඔහු සහ ක්‍රිකට් ආයතනය අතර ඇතැයි පැවසෙන සබඳතා (ළබැඳියාවන් අතර ගැටුම) හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරැණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දුන්හ.
කෝප් සභාපතිවරයා මීට පෙර සියලු සාක්ෂි සහිතව ඉදිරිපත් වූ චෝදනා බොහොමයක් සම්බන්ධයෙන් අදාළ ආයතන කිහිපයක් කෝප් කමිටුවට හමුවට ගෙන ඒමට මැළි වූ බවද විපක්ෂය චෝදනා කරයි. මේ අතර කෝප් කමිටුව හමුවට එන ආයතනවලට කෝප් කමිටුවෙන් ලබා දෙන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් ආයතනයක් නිතර කටයුතු කිරීම සම්බන්ධයෙන්ද දැඩි සැකයක් ඇති බවත් විපක්ෂය වැඩිදුරටත් චෝදනා කරයි. ඒ අනුව තවදුරටත් ඔහු කෝප් කමිටුවේ සභාපති ධුරයට සුදුසු නොවන බව විපක්ෂයේ අදහසයි.
මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි. ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්නා බවද කතානායකවරයා කීවේය. එසේම ඇති වී ඇති තත්ත්වය මත කෝප් කමිටුවේ කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට තීරණය කළ බවද කතානායකවරයා සිකුරාදා (17දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මේ අතර සිකුරාදා දිනයේ විපක්ෂය චෝදනා කර සිටියේ කෝප් කමිටුවේ නිලධාරිනියකට ද බලපෑම් එල්ල වී ඇති බවයි. ඇය ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුම්වත් කර ඇති බවද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝප් සභාපතිට විශ්වාසභංගයක්