IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විභාග මධ්‍යස්ථාන ළඟ පෙළපාලි - පැෆරල්

(විනීතා එම් ගමගේ)
            
පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා බාරදී අවසන් වූ අද (14)  තුළ පැවැත්වෙමින් තිබු අපොස සා.පෙළ විභාගය පවා නොතකා ප‍්‍රධාන පක්ෂ සියල්ලේම පාහේ පෙළපාලි යන බවට පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව පැෆරල් සංවිධානය කියයි. 

විශේෂයෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පෙළපාලි රැසක් යන බවට පුරවැසි පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසිය. 

මෙම  පැමිණිලි තහවුරු කර ගැනීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට කටයුතු කරන බව ද හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය. 

මේ මැතිවරණයේ ප‍්‍රචාරක කාල සීමාව යෙදී ඇත්තේ සා.පෙළ විභාගය පවත්වන කාලසීමාව තුළ වන බැවින් විභාග අපේක්ෂක දරුවන්ට අවහිර නොවන පරිදි ප‍්‍රචාරක කටයුතු කරගෙන යන්නට සැලසුම් කරන්නැයි පැෆරල් සංවිධානය අපේක්ෂකයින් ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය. 

විභාග ශාලා ආසන්නයේ රැස්වීම් පැවැත්වීම මෙන්ම පාසල් දරුවන් නිවෙස්වල පාඩම් කරමින් සිටින  බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් රථ පෙළපාලිවල ගමන් නොකරන ලෙස අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි හෙට්ටිආරච්චි මහතා කොට්ඨාස සීමිත ඒවා බැවින් ප්‍රචාරක ක‍්‍රම ඊට සුදුසු වන පරිදි යොදා ගන්නැයි ඉල්ලා සිටියේය. 

එමෙන්ම පොලිතින් වැනි පරිසරයට හානි කරන දෑ යොදා නොගැනීමට වග බලා ගන්නා ලෙසත් මැතිවරණ නීති ගරු කරමින් කටයුතු කරන්නට වග බලා ගන්නැයි ද පැෆරල් සංවිධානය ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

විභාග මධ්‍යස්ථාන ළඟ පෙළපාලි - පැෆරල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site