(අනීෂා මානගේ)
බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයක් අද (31) අළුයම අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත කහවත්ත සව්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට අයත් මැතිවරණ පෝස්ටර් අලවමින් සිටියදී රාත්‍රී රාජකාරියේ යෙදුණු පොලිස් ජංගම රථය මගින් බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැස්බෑවට එන්නකෝ පෝස්ටර් ගහල තියෙන හැටි බලන්න. තාප්ප, ගස්, ගල්, ලයිට් කණු ඉවරයි. පොලිසිය නිදිද කොහෙද?