(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයකු දන්කොටුව පන්නල මාර්ගයේ ඇටියාවල ප‍්‍රදේශයේදි බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් අද (01) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි
දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වි තිබේ.ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම නිසා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරු මැතිවරණ ප‍්‍රාචාරක කුඩා රැස්වීම් කිහිපයකට සහභාගි වි නිවසට යමින් සිට ඇතැයි හෙළි වු බව පොලිසිය කියයි.
සැකකරු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්කොටුවෙනේ ඕවා ඔහොම තමයි
මෙහි කිසිම අරුමයක් නෑ. ඔය පොහොට්ටු පරවන සුභ ලකුණු.
පොහොට්ටු කට්ටිය කොහොමටත් ඔය ජාතියේ උදවිය තමා.
පොහොට්ටුවන් ගැන කතා කරන්න එපා. ලඟින් ගියොත් ඇහැක් නැහැ! පරෙස්සම් වෙන්න!
බලාගෙන, දින්නොත් එහෙම පොලිස් නිලදාරීන් ඉවරයි. ඒගොල්ලන්ට දඩුවම් කරන්න කාටද පුළුවන් ?
දන්කොටුව හරහා යනකොට පොහොට්ටුව පිපෙන්න කලින් පරවෙලා වගේ.
මෙහෙම කණඩායමකගෙන් රටේ සාමාන්‍ය ජනතාවට ඇතිවෙන පීඩාව කොතරම්ද කියල හිතා ගන්නවත් බැහැ. කිසිම විනයක් නැති දැනීමක් නැති අය හිතන් ඉන්නේ ඒ අයට ගිය රට කියලා