රංජන් කස්තුරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමති එස් . බී දිසානායක මහතා පැවසීය.
“මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් කිසිසේත් රජය අතහැර නොයන අතර ශක්තිමත් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවා“ යයි ඇමති දිසානායක මහතා කීය .
ආණ්ඩුව ඇතුලේ කළ යුතු ප්‍රබල වෙනස්කම් කිරිමේ අදහස තවදුරටත් තිබෙන අතර එම අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියොත් ඉතින් විකාර කාරයෙක් වගේ... උම්මන්තකයෙක් වගේ පාරදිගේ දුව දුව ඉන්න තමා වෙන්නේ. දැන්වත් ඔය එක් වෙලාවට... එක එක වාචාල කතා කියවන එකේ තේරුමක් නැතිබව තේරුම් ගත්තොත් නරකද?
ඔබතුමාලා අයින් වෙනවා නම් ඇමති මණ්ඩලය අඩු වෙලා අපට සහනයක් වෙනවා. ඔබතුමාලා වරප්‍රසාද විඳලා අන්තිමට ඒවායේ වගකීම, අගමැතිගේ පිටින් අරින්න. ඔබලාගේ කුහක ප්‍රතිපත්ති ජනතාවට තේරුම් ගැනීමට හැකි වේවිද මන්දා...
මේ බලලෝභීන් කෙසේ මෙම තනතුරු දාලා යන්නද? මහජන මුදලින් පිනට කකා බිබී පිනටම ජීවත්වෙන්න කැමති පිං රෑනකි. පිං ගොනාගේ ඇගේ හංවඩු ගහනවා "පිං ගොනා" කියලා. ඒ වගේ තමයි මේ අයටත් කරන්න තියෙන්නේ.
මළත් යන්නෙ නම් නැහැ තමයි.
මෙයාට යනවා නම් යන්න වෙන්නේ ගෙදර තමයි. ඡන්දෙකින් නම් එනවා බොරු. කවුරුවත් දෙන්නේ නැහැ
අත හැරියොත් යන්න දිහාවක් තියෙන්න එපායැ.
ඔයින් මෙයින් අන්තිමට සිද්ධ වෙන්නේ මේ තියන විදියටම 2020 වෙනකං කොහොම හරි ගැට ගහගෙන යන එක තමයි. සාමාන්‍ය රටේ ජනතාවට හෙණ ගහල ගියත් කමක් නැහැ පාලකයින්ට.
ආණ්ඩුව අතහැරලා ගියොත් මේ අයට ගෙදර තමයි යන්න වෙන්නේ. මේ වගේ මිනිසුන්ව දේශපාලනයෙන් සදහටම අතුගාල දාන්න ඕනෑ.
යන්න ඕන වෙලාවක පත්රේට නෙමෙයි, කතා නායක තුමාට කියලා යන්න
කව්ද අනේ රන් ආකාරයක් ඇත හැර යන්නේ.
පිං ඇමතිනේ. ඒක දමල යනවා කියල අපිත් හිතන්නේ නැහැ.
වෙන කොහේ යන්නද?
රජය අතහෙර ගියොත් ..බොල අනාතයිනේ....මුන්ව අපි ඡන්දෙන් ගෙදර යැව්වත් ...චිට් දීල අයෙමත් ගන්න එක නැතිකරන්න ඕන .... මහජන මුදලින් කන පින් ගොන්නු....
අපි පොඩිකාලේ අපි චක් ගුඩු පනිනකොට කොටු ඇදල මාරුවෙන් මාරුවට පනිනවා. මෙයා ඊයේ රැ ටීවී නිවුස් වලට අපි එහෙට පනින්නේ නැහැ මෙහෙට පනින්නේ නැහැ කියල මහා ලොකු උජාරුවට කියනවා. මේ වගේ අය තමයි ආණ්ඩු ගෙනියන්න තීරණය කරන්නේ.
මෙයාලට අමාරුම දෙය ඇමතිකම් දාලා ගෙදර යන එක
පිළිල, ගස්වල ඇලිලා එයින් යුෂ උරා බී ජීවත් වෙනවා මිසක් ගස හැර යනවා කවුරුවත් දැකලා තියනවද?