රංජන් කස්තුරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමති එස් . බී දිසානායක මහතා පැවසීය.
“මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් කිසිසේත් රජය අතහැර නොයන අතර ශක්තිමත් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවා“ යයි ඇමති දිසානායක මහතා කීය .
ආණ්ඩුව ඇතුලේ කළ යුතු ප්‍රබල වෙනස්කම් කිරිමේ අදහස තවදුරටත් තිබෙන අතර එම අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කිසිසේතම රජය අතහැර යන්නේ නෑ - එස් . බී
sirimal Monday, 19 February 2018 12:19 PM
ගියොත් ඉතින් විකාර කාරයෙක් වගේ... උම්මන්තකයෙක් වගේ පාරදිගේ දුව දුව ඉන්න තමා වෙන්නේ. දැන්වත් ඔය එක් වෙලාවට... එක එක වාචාල කතා කියවන එකේ තේරුමක් නැතිබව තේරුම් ගත්තොත් නරකද?
saliya Monday, 19 February 2018 12:23 PM
ඔබතුමාලා අයින් වෙනවා නම් ඇමති මණ්ඩලය අඩු වෙලා අපට සහනයක් වෙනවා. ඔබතුමාලා වරප්‍රසාද විඳලා අන්තිමට ඒවායේ වගකීම, අගමැතිගේ පිටින් අරින්න. ඔබලාගේ කුහක ප්‍රතිපත්ති ජනතාවට තේරුම් ගැනීමට හැකි වේවිද මන්දා...
RaveendraMonday, 19 February 2018 01:01 PM
සාලිය මයා වෙත, මොහු ඔබගේත්, අපගේත් මහජන සේවකයෙක් බැවින් "ඔබතුමාලා" යන වැදගත් වචන භාවිතා කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
Raveendra Monday, 19 February 2018 12:32 PM
මේ බලලෝභීන් කෙසේ මෙම තනතුරු දාලා යන්නද? මහජන මුදලින් පිනට කකා බිබී පිනටම ජීවත්වෙන්න කැමති පිං රෑනකි. පිං ගොනාගේ ඇගේ හංවඩු ගහනවා "පිං ගොනා" කියලා. ඒ වගේ තමයි මේ අයටත් කරන්න තියෙන්නේ.
Ruhunu Monday, 19 February 2018 12:43 PM
මළත් යන්නෙ නම් නැහැ තමයි.
Eric Subash Monday, 19 February 2018 12:44 PM
මෙයාට යනවා නම් යන්න වෙන්නේ ගෙදර තමයි. ඡන්දෙකින් නම් එනවා බොරු. කවුරුවත් දෙන්නේ නැහැ
රවින් Monday, 19 February 2018 12:46 PM
අත හැරියොත් යන්න දිහාවක් තියෙන්න එපායැ.
ජගත් ලියනගේ Monday, 19 February 2018 12:52 PM
ඔයින් මෙයින් අන්තිමට සිද්ධ වෙන්නේ මේ තියන විදියටම 2020 වෙනකං කොහොම හරි ගැට ගහගෙන යන එක තමයි. සාමාන්‍ය රටේ ජනතාවට හෙණ ගහල ගියත් කමක් නැහැ පාලකයින්ට.
Pradeep Liyanage Monday, 19 February 2018 12:59 PM
ආණ්ඩුව අතහැරලා ගියොත් මේ අයට ගෙදර තමයි යන්න වෙන්නේ. මේ වගේ මිනිසුන්ව දේශපාලනයෙන් සදහටම අතුගාල දාන්න ඕනෑ.
Lanka Perera Monday, 19 February 2018 04:19 PM
යන්න ඕන වෙලාවක පත්රේට නෙමෙයි, කතා නායක තුමාට කියලා යන්න
mini Monday, 19 February 2018 05:02 PM
කව්ද අනේ රන් ආකාරයක් ඇත හැර යන්නේ.
Ratnamalala Monday, 19 February 2018 06:08 PM
පිං ඇමතිනේ. ඒක දමල යනවා කියල අපිත් හිතන්නේ නැහැ.
Ranjan Tuesday, 20 February 2018 03:17 AM
වෙන කොහේ යන්නද?
jayasekara Tuesday, 20 February 2018 05:01 AM
රජය අතහෙර ගියොත් ..බොල අනාතයිනේ....මුන්ව අපි ඡන්දෙන් ගෙදර යැව්වත් ...චිට් දීල අයෙමත් ගන්න එක නැතිකරන්න ඕන .... මහජන මුදලින් කන පින් ගොන්නු....
Prabath Tuesday, 20 February 2018 05:35 AM
අපි පොඩිකාලේ අපි චක් ගුඩු පනිනකොට කොටු ඇදල මාරුවෙන් මාරුවට පනිනවා. මෙයා ඊයේ රැ ටීවී නිවුස් වලට අපි එහෙට පනින්නේ නැහැ මෙහෙට පනින්නේ නැහැ කියල මහා ලොකු උජාරුවට කියනවා. මේ වගේ අය තමයි ආණ්ඩු ගෙනියන්න තීරණය කරන්නේ.
LankaPerera Tuesday, 20 February 2018 06:56 AM
මෙයාලට අමාරුම දෙය ඇමතිකම් දාලා ගෙදර යන එක
sam Tuesday, 20 February 2018 08:21 AM
පිළිල, ගස්වල ඇලිලා එයින් යුෂ උරා බී ජීවත් වෙනවා මිසක් ගස හැර යනවා කවුරුවත් දැකලා තියනවද?