(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ගොවියා රජකරවනවා යැයි ප්‍රකාශ කළ යහපාලන ආණ්ඩුව සාමකාමී විරෝධතාවක නිරත වු රාජාංගනය ගොවි ජනතාව කුපිත කරවා තස්ත්‍රවාදීන්ට මෙන් පහරදීම තමන් දැඩි සේ හෙලා දකින බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.
තඹුත්තේගම නගරයේදී ඊයේ (28) පැවති ගොවිජන විරෝධතාවයට පහර දී ගොවීන් අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දක්වමින් එස්. එස්. රංජිත් මහතා මේ බව පැවසුවේය.
බැදුම්කර වංචාව සිදුකළ හොරු නිදැල්ලේ සිටියදී අයිතීන් ඉල්ලා සිටි ගොවියාට පහර දීම තමා දැඩි පිළිකුල් කරන බව රංජිත් සමරකෝන් මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
අනේ ඒ කාලේ උඹලත් නිකම් සාන්තුවරයෝ වගේ හිටියනේ?
බැදුම්කර වංචාව සිදුකළ හොරු විතරක් නොවේ නිදැල්ලේ! අර ග්‍රීක් බොන්ඩ් හොරු, මිග් ගනුදෙනු හොරු, හෙජින් හොරු, එතකොට අවන් ගාර්ඩ් හොරු ඒගොල්ලොත් නිදැල්ලේනේ! ඒ ගොල්ලෝ දැන් පිරිත් නුල් දාගෙන මැතිවරණ ඉල්ලලා දිනනවා හිටන්! ඉතින් ඔය දෙගොල්ලොටම ජයවේවා කියා කියා ඉන්න!
ඔය හලන්නේ කිඹුල් කඳුළුයි... යටි හිත ප්‍රාර්ථනා කරන්නේ මේවගේ සිද්ධීන් ඇතිවෙයන් තව තවත් කියලයි... අපි නොදන්නා දේශපාලකයෝ.
ඇත්ත නේන්නම්. රතුපස්වලදී කරපු විදියටමද මේ පහර දීල තියෙන්නේ මන්ත්‍රීතුමා? අනේ අපේ අවාසනාවක හැටි. ඔබතුමන්ලා වගේ මැරිලා ඉපදෙන්න අපිට බැරි උනානේ මේ ටිකේ?