පාලිත ආරියවංශ , ප්‍රසාද් රුක්මල් සහ පියල් කිත්සිරි
පළාත් පාලන මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දෙවන අදියරේ නාමයෝජනා බාරගැනීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි  නිමල් අබේසිරි මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී   අද (20) සිදුකළේය. 
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය  සොරණාතොට, හාලිඇල , හපුතලේ සහ වැලිමඩ යන ප්‍රාදේශීය  සභා සඳහා  නාමයෝනා බාරදුන්හ. 
 
මහා මාර්ග රාජ්‍ය ඇමති ඇමති ඩිලාන් පෙරේරා,ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා විද්‍යා පරේයේෂණ හා තාක්ෂණ  රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු අතින් මෙම නාමයෝජනා පත් බාරදීම සිදුවිය.
 
එක්සත් ජාතික පක්ෂයේ  රීදමාලියද්ද ප්‍රාදේශීය සභාවට අදාල නාමයෝජනා බාරදීම ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනාරත්න මහතා  අතින් සිදුවිය.
 
ජනතා විමුක්ති පෙරමුණ  හපුතලේ, ඌවපරණගම , රිදිමාලියද්ද . සොරණාතොට,පස්සර,හාලිඇල,වැලිමඩ,යන ප්‍රාදේශීය සභා සඳහා නාමයොජනා බාරදුන්නේය. ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එම නාමයෝජනාපත් බාරදෙන ලදී.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1935										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බදුල්ලට සන්ධානය,එජාපය,ජවිපෙ නම් දෙයි