IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුවේ අයෙක් බීමතින් රිය පැදලා

(චන්දන ප්‍රනාන්දු)

වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයකු දන්කොටුව පන්නල මාර්ගයේ ඇටියාවල ප‍්‍රදේශයේදි බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් අද  (01) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි                     

දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වි තිබේ.ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම නිසා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.     

සැකකරු මැතිවරණ ප‍්‍රාචාරක කුඩා රැස්වීම් කිහිපයකට සහභාගි වි නිවසට යමින් සිට ඇතැයි හෙළි වු බව පොලිසිය කියයි.

සැකකරු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.    

 



අදහස් (7)

පොහොට්ටුවේ අයෙක් බීමතින් රිය පැදලා

samira Thursday, 01 February 2018 05:57 AM

දන්කොටුවෙනේ ඕවා ඔහොම තමයි

:       0       13

mahinda Thursday, 01 February 2018 08:08 AM

මෙහි කිසිම අරුමයක් නෑ. ඔය පොහොට්ටු පරවන සුභ ලකුණු.

:       207       1

Chandima Thursday, 01 February 2018 08:36 AM

පොහොට්ටු කට්ටිය කොහොමටත් ඔය ජාතියේ උදවිය තමා.

:       243       1

rocky Thursday, 01 February 2018 12:59 PM

පොහොට්ටුවන් ගැන කතා කරන්න එපා. ලඟින් ගියොත් ඇහැක් නැහැ! පරෙස්සම් වෙන්න!

:       259       0

Chandra Thursday, 01 February 2018 03:26 PM

බලාගෙන, දින්නොත් එහෙම පොලිස් නිලදාරීන් ඉවරයි. ඒගොල්ලන්ට දඩුවම් කරන්න කාටද පුළුවන් ?

:       272       0

vidya Friday, 02 February 2018 03:01 AM

දන්කොටුව හරහා යනකොට පොහොට්ටුව පිපෙන්න කලින් පරවෙලා වගේ.

:       0       0

athula Friday, 02 February 2018 03:23 AM

මෙහෙම කණඩායමකගෙන් රටේ සාමාන්‍ය ජනතාවට ඇතිවෙන පීඩාව කොතරම්ද කියල හිතා ගන්නවත් බැහැ. කිසිම විනයක් නැති දැනීමක් නැති අය හිතන් ඉන්නේ ඒ අයට ගිය රට කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site