හිටපු මන්ත්‍රී කාදර් මස්තාන්ට ස්වයං නිරෝධනය වෙන්නැයි කියයි
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූවකු මන්නාරම ,තාරාපුරම් ගම්මානයේ අවමඟුලකට සහභාගීවීම හේතුවෙන් එම අවමංගල්‍ය උත්සවයට සහභාගීවූ වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ද දින කිහිපයක් ස්වයං නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී තිබේ.