IMG-LOGO

පෞද්ගලික බස් රියදුරන්ට - කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්

(නිමන්ති රණසිංහ)

කොරෝනා තත්ත්වය හේතුවෙන් ආදායම් මාර්ග අහිමිව සිටින පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීම සඳහා ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ස්ථිර ආදායමක් නොමැතිව සිටින පුද්ගලයන් වෙත රජය විසින් ලබා දෙනු ලබන රුපියල් 5000ක දීමනාව පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙත ලබා දිමට පියවර ගන්නා ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලිමක් කළ බවත්, එය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඊට යහපත් ප‍්‍රතිචාර ලබා දෙමින් අනුමැතිය ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා විෂබීජ නාශක කුටීරයක් විවෘත කිරීමට ඊයේ (08) සහභාගි වූ අවස්ථාවේදීය.



අදහස් (2)

පෞද්ගලික බස් රියදුරන්ට - කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්

rajiva pieris Thursday, 09 April 2020 12:43 PM

දෙන්න එපා ශතයක්වත්... මුන් ඇවිල්ලා මගමරුවෝ. කිසිම විනයක් නැහැ. කොන්දො ජිවිතයකට ඉස්කෝලේ ගිහින් නැති... මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැති බූරුවෝ වගයක්. මුන් නැත්තටම නැතිවේවා...!!!

:       0       122

BamunuarachchiFriday, 10 April 2020 01:09 PM

මොවුන් වැඩ කරන්නේ බස් හිමියන්ට... එමනිසා මොවුන්ට යැපීම් දීමනාවක් දීම බස් කාරයින්ට අයිති වැඩක්. ජනතාව ඊට පලි නැත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site