IMG-LOGO

පැය 24 ක් තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 938 ක්

කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ  වාර්තා විය.

පෙරේදා, එනම් බදාදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී එරටින් වාර්තා වූ මරණ ගණන 938 කි. එදින මේ දක්වා කාලයේදී එක්සත් රාජධානියෙන් දිනක් ඇතුළත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස සටහන් විය. අද පස්වරු 5 වනවිට එක්සත් රාජධානියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 7,111ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 61,487ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

බදාදා දිනයේදී අඛණ්ඩව දෙවැනි දිනයටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 2,000කට ආසන්න විය. බදාදා දිනයේදී පමණක් ඇමෙරිකා වාර්තා වූ මරණ ගණන 1,922ක් විය.

කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසුව දිනක් ඇතුළත වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉකුත් අඟහරුවාදා (7) වැනිදාය. එදින පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 1,939කි.

විදෙස් වාර්තා ඇසුරිනි

055

 



අදහස් (0)

පැය 24 ක් තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 938 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 539 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site