IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


’’විජයට’’ පරිසර සම්මාන තුනක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති පරිසර සම්මාන උළෙල (2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදී  අද (28) පැවැත්විණි.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය සඳහා එහිදී විජය පුවත්පත් සමාගමට සම්මාන තුනක් හිමි වූ අතර  ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ හොඳම පරිසර මාධ්‍යවේදීයා සඳහා වන රන් සම්මානය ඩේලි මිරර් පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා හිමි කර ගත්තේය.

විජය ළමා පුවත්පතට විශේෂ ජූරි සම්මානයක් හිමි වූ අතර හොඳම පෞද්ගලික ආයතනයට හිමි පරිසර  කුසලතා සම්මානය විජය පුවත්පත් සමාගමේ හෝකන්දර ශාඛාව හිමිකර ගත්තේය.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා ඔහුට හිමි සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගත් අවස්ථාව සහ විජය පුවත්පතට හිමි වූ සම්මානය විජය පුවත්පතේ සහ අද පුවත්පතේ කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහතා ද විජය පුවත්පත් සමාගමේ හෝකන්දර ශාඛාවට හිමි වූ  සම්මානය එහි ජ්‍යෙෂ්ඨ  මුද්‍රණ කළමනාකරු නිහාල් ගුණරත්න මහතා ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා අතින් ලබා ගත් අවස්ථාව ඡායාරූප වල දැක්වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ද මෙහි සිටී.

(ඡායාරූප:- ගයාන් අමරසේකර)



අදහස් (0)

’’විජයට’’ පරිසර සම්මාන තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29773 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11965 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 740 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 872 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site