IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

 

එක කුස නිවුන් උපතින් එළිකර            ගෙදර

මවු - පිය යුවළකට ගෙන දුන් දිවි        මිහිර

ලැබ ගැනුමට පැමිණි මුල් දින සිප්      සතර

මවකට ඔටුණු නොම වෙද සම්පත්         සතර

පද ආරියසේන හඳුවල

(චමින්ද වැවතැන්න)

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු  සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.

මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාවට උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවෝ මෙසේ පාසලට ආහ.

එම සිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළාය.

පසුව විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ සේවය කරන ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කොට ආශීර්වාද දරුවන්ට සෙත් පැතූහ.

පසුව සිව් නිවුන් දරුවන් ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය සිදු කළාය. නවක දරුවන් කිහිප දෙනකුට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය හා මාවනැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියන්ති මහත්මියන්ගේ සුරතින් සංකේතවත්ව පෙල පොත් ප්‍රදානය කෙරිණ.

 



අදහස් (6)

මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

මැක්ස් Tuesday, 28 March 2023 04:32 PM

වාසනාවන් ආදරණීය දරුවනේ!

:       0       10

විජිත් Tuesday, 28 March 2023 05:16 PM

ආදරණිය දරුවනේ,ඔයගොල්ලෝ අද ජිවිත පොතේ අලුත්ම පිටුවක් ආරම්භ කරන්නයි මේ යන්නේ.ඒ යන ගමනට චුටි අත්වැලක් වේ යයි සිතන දෙයක් මම මේ ඔයාලාට කියන්න යන්නේ. අපි හිතමු අපේ ජිවිත කාලය අවුරුදු 80 යි කියලා. එතකොට ..අපේ පාසල් ගමන යන්න තියෙනවා අවුරුදු 12 ක් විතර. අපිට ජීවිතයේදී මුහුනදෙන්නවෙන දුක,වේදනා,අගහිඟකම් ,ඒ වගේම සතුට සමබරව විඳගෙන ,කාගෙන් හොඳ හිත දිනාගෙන ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙනගෙන ( අධ්‍යාපනය සහ බාහිර ක්‍රියාකාරකම් ) විභාග සමත්වෙලා ,සමාජයට වැඩදායක පුරවැසියන් වුනොත් ..ජිවිත කාලයේ අවුරුදු 65 ක් විතර ඔයාලාට සතුටින් ජීවත්වෙන්න පුළුවනි. ඔබේ ජිවිත වලට නිරෝගිබව , උගත්කම, අවංකබව ,සහ නිහතමානිබව කියන මහඟු ආභරණ තිබෙන තාක්කල් ඔබව වට්ටන්න කාටවත්ම බැහැ.හැබැයි . ඉගෙනගන්න තියෙන අවුරුදු 12 නාස්තිකරගත්තොත් ඒ කියන්නේ පිස්සු නැටුවොත් . ඔයාලාගේ ජිවිතයේ ඉතිරි අවුරුදු 65 මහා දුක්බර කෙදවාචකයක් වෙන්න තිබෙන ඉඩ කඩ වැඩයි.ඒ නිසා අද පටන්ගන්න මේ අලුත් ජීවිතය වාසනාවන්ත එකක්ම කරගන්න නිතරම සිතට ගන්න, මම දන්නවා ඔයගොල්ලන්ට එය කරන්න පුළුවන් කියලා.වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් මගෙනුත්. " හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී "

:       0       18

බකසුමන Wednesday, 29 March 2023 12:47 AM

අනේ වාසනාවන්. වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්. දරුවනේ හොඳින් ඉගෙගෙන රටට, ජාතියට, ආගමට වැඩදායි පුරවැසියන් වෙන්න වාසනාව, ශක්තිය, ධර්‍ය ලැබේවා... ඔබලාට සුබම සුබ අනාගතයක්.

:       0       10

Hemantha Wednesday, 29 March 2023 07:12 AM

වසනවන්ත දරුවෝ, වසනවන්ත දෙමපියෝ. බුදුසරණයි හෙමෝටම!

:       0       0

Bunny Preena Wednesday, 29 March 2023 09:37 AM

හොඳ යහපත් පුරවැසියන් ලෙස රටට සේවයක් කිරීමට පලමුවරට පාසලට පැමිනෙන සියලුම දරුවන්ට වාසනා ගුන මහිමය ලැබෙවායි මම ප්‍රාර්තනා කරමි.

:       0       5

jagathwana Wednesday, 29 March 2023 10:01 AM

අනේ හරිම ලස්සනයි ... පින්වත් ලමයි 4 දෙනෙක්

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site