
නුවරඑළිය ගෝනපිටිය වත්ත, එළමුල්ල වත්ත, හයිෆොරස්ට් යන වතු වල පදිංචි දමිළ ජනතාව මූලික කරගෙන ජංගම සේවයක් පසුගිදා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ගෝනකැලේ භාරතී දමිළ විද්‍යාලයේ දී පැවැත්විණි.
එහිදී උප්පැන්න සහතික ලියාපදිංචි වී නොමැති අය සඳහා උප්පැන්න සහතික හෝ අනුමාන වයස් සහතික එවෙලේම ලබාදීම සිදුවිය.
එමෙන්ම උප්පැන්න සහතික වල සිදු කලයුතු සංශෝධන සම්බන්ධවද ජනතාව දැනුම්වත් කෙරිණි.
රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජේසිංහ මහතා, මධ්‍යම කලාප සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් චම්පිකා රත්නායක මහත්මිය , මහනුවර හා නුවරඑළිය භාර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් තරංගා කවිරාජ් මහත්මිය, වලපනේ ප්‍රාදේශීය ලේකම් ලිඳකුඹුර මහත්මිය, මතුරට සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා වීරසූරිය මහත්මිය , හඟුරන්කෙත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් රේඛාන් විජේසිංහ මහතා, වලපනේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් දිවාරත්න මහතා සහ ඔවුන්ගේ කාර්‍යය මණ්ඩලයේ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd