ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ 150 වැනි සංවත්සරයට සමගාමීව ‘ජාතිය වෙනුවෙන් පා ගමන’ නමින් පාගමනක් කොළඹදී ඉකුත් පෙබරවාරි 26 වැනිදා සංවිධානය කර තිබිණි.

කොම්පඤ්ඤවීදියේ මැලේ ක්‍රීඩා සමාජයෙන් මෙම පාගමන ආරම්භ විය.

පාගමනින් පසුව සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වුණු අතර එය පොහොසත් සංස්කෘතිය පෙන්නුම් කළ නැටුම් සහ ගීත වලින් අලංකාරවත් වී තිබිණ.

අවසානයේ රාත්‍රී කාලයේ පැවැත්වූ පුළුල් පරාසයක ජනප්‍රිය මැලේ ආහාර වලින් සමන්විත ආහාර සැණකෙළියකින් දවස නිමා වී ඇත.

(ඡායාරූප: කුෂාන් පතිරාජ)