(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ‘ඕල්කට්’ අනුස්මරණ අන්තර් පාසල් ආදි ශිෂ්‍ය වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල් ආදි සිසු කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාව කොළඹ නාලන්දා විදුහල් ආදි සිසු කණ්ඩායමට හිමිවිය.

ආනන්ද විදුහල් කණඩායම මෙම ශූරතා දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වේ.  මෙම තරගාවලිය කණ්ඩායම් 20 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සාජා ඉංග්‍රීසි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආනන්ද විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේදී ලකුණු 4 කින් නාලන්දා විදුහල පරාජය කිරීමට සමත් වූහ.  

ආනන්ද විදුහල් පිලේ දිනේෂ් ද සිල්වා තරගාවලියේ වීරයා ලෙස ද, කුෂාන් විජේවර්ධන දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, නාලන්දා විදුහලේ නාමල් ගුණවර්ධන දක්‍ෂතම පිතිකරු ලෙස ද, සම්මාන ලැබූහ.