IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


“සොබාදනවි” විවෘත වෙයි

(අංජුල මහික වීරරත්න සහ ප්‍රසංග සිල්වා)

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද  (28) පෙරවරුවේ විවෘත කෙරිණි.

ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද “සොබාද නවි” බලාගාරය මගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. 

ආරම්භ කරන ලද පළමු අදියරට මෙගාවොට් 220 ක ධාරිතාවයකින් යුත් F පන්තියේ ගෑස් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.

දෙවන අදියර, 2025 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති අතර, වාෂ්ප ටර්බයිනයක් ස්ථාපනය කිරීම හරහා බලාගාරයේ ධාරිතාවයට අතිරේක මෙගාවොට් 130 ක් එකතු කරනු ඇත. 

ගෑස් ටර්බයිනයෙන් පළමු අදියරේ අතුරු ඵලයක් ලෙස නිෂ්පාදනය කෙරෙන තාපය උපයෝගී කර ගනිමින් බලාගාරයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති අතර අවසානයේ සමස්ත නිෂ්පාදනය මෙගාවොට් 350 දක්වා වැඩි කරයි.

මෙම විදුලිබලාගාරය මගින් රටේ ජනතාවට ස්ථාවර සහ දැරිය හැකි බලශක්ති සැපයුමක් ලබා දීම, කාර්මික වර්ධනය, රැකියා උත්පාදනය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා සහාය වේ.

මෙම බලාගාරයෙන් රටේ වත්මන් විදුලි ඉල්ලුමෙන් ආසන්න වශයෙන් 12%ක් සපුරාලීමට අපේක්ෂා කරයි.

“සොබාදනවි” බලාගාරය විවෘත කළ ජනාධිපතිවරයා එහි ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කළේය.

විදුලිබල බලාගාරයේ පළමු විදුලි සැපයුම වන මෙගාවොටි 220ක ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.



අදහස් (0)

“සොබාදනවි” විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site