(යොහාන් භාසුර)

හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

එම උළෙලට ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සරඹ කණ්ඩායම් සහ විශේෂාංග ද, ගුවන් හමුදාව ඉදිරිපත් කරන ගුවන් යානා සංදර්ශන, යුද සහ නාවික හමුදාව ඉදිරිපත් කරන යුද උපකරණ සහ යුද රථ සංදර්ශන සහ පැරෂුට් සංදර්ශන ද, ඇතුළත් වේ.  

එම උළෙලේ පෙරහුරු මේ දිනවල ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)