එංගලන්තයේ බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවතී කේක් ප්‍රදර්ශනයකදී තෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක වන අනුෂ්කා නානායක්කාර මහත්මිය සමත් වූවාය.

පසුගිය නොවැම්බර් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා දින තුනක් පුරාවට බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ශාලා අංක 17 හි මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

Cake International 2024 තරගාවලියෙ "Decorative Exhibit" කියන කාණ්ඩය යටතෙ ඇය සිය නිර්මාණය ඉදිරිපත් කරනු ලැබුවාය.

ඇම්බැක්කේ ලී කැටයම් ඇසුරින් ඇය සිය කේක් නිර්මානය මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කළාය.

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ උපන් අනුෂ්කා මේ වන විට එංගන්තයේ ලන්ඩන්නුවර නෝත්වුඩ් ප්‍රදේශයේ ජීවත්වෙයි.

මහනුවර බදි -උද්දීන් බාලිකාවේ අධ්‍යානය ලබා ඇති අනුෂ්කා මහනුවර පැවැති ‘‘මල්මි‘‘ කේක් ප්‍රදර්ශනයේදී ඇගේ නිර්මාණයට තෙවන ස්ථානය හිමිවී ඇත.