IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉබ්බාගමුවේදී ආයුර්වේද වෛද්‍ය සායනයක්

 

( දිල්රුක්ෂි ග්‍රේරු)

ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම අරමුණු කරගනිමින් පැවැත්වූ ආයූර්වේද වෛද්‍ය සායනයක්  ඉබ්බාගමුව තිහව ,අටවල්මඩ අයූර්වේද සංරක්ෂණ සභා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

වයඹ  පළාතේ වසම් 74 කින් යුතු ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  , ආයුර්වේද සංරක්ෂණ සභාවෙන් සිදු කළ පළමු  ආයුර්වේද වෛද්‍ය සායනය  මෙයවන අතර මූලික අදියර යටතේ, ගනේගොඩ ,පුදුක්කුලම කුබුක්වැව ,තිහව යන ගම්මානවල ජනතාව වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබිණි.

ග්‍රාමීය ජනතාවගේ  නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න දිවිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩසටහන මෙහෙයවූ බව සංවිධායක මණ්ඩලය කියයි.

පාරම්පරික වෛද්‍යවරුන්  23 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කළ මෙම වෛද්‍ය සායනයට  176 දෙනෙකු සහභාගි වී සිටියහ.

ගස්සන්දළුපොත විහාරස්ථානාධිපති  ලැගුම්දෙණියේ සිද්ධාර්ථ  හිමි  සහ  ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම්  ඩබ්ලිව් .ආර්.ඒ.සාගරිකා  සී. හේරත්, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දේශීය වෛද්‍ය සංවර්ධන  නිලධාරී  මනෙල් පෙරේරා   ,සංවර්ධන නිලධාරී  නිල්මිණි එදිරිසිංහ ,ග්‍රාම නිලධාරී ඉෂානි රත්නායක ,කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ තිහව වසම භාර  ලලිත්  ජයවික්‍රම  මහතා ඇතුළු  මහත්ම මහත්මීන්  ද ප්‍රදේශයේ ග්‍රාමීය කමිටු සාමාජික මහත්ම මහත්මීන්  ද මේ අවස්ථාවට  එක්ව සිටියහ.

මෙම වැඩසටහන මෙහෙය වීම  හා සම්බන්ධීකරණ  ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දේශීය වෛද්‍ය  අංශය බාර  සංවර්ධන නිලධාරී මානෙල් පෙරේරා  මහත්මිය  සිදු කළාය.



අදහස් (0)

ඉබ්බාගමුවේදී ආයුර්වේද වෛද්‍ය සායනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site