
( දිල්රුක්ෂි ග්‍රේරු)
ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම අරමුණු කරගනිමින් පැවැත්වූ ආයූර්වේද වෛද්‍ය සායනයක් ඉබ්බාගමුව තිහව ,අටවල්මඩ අයූර්වේද සංරක්ෂණ සභා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
වයඹ පළාතේ වසම් 74 කින් යුතු ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , ආයුර්වේද සංරක්ෂණ සභාවෙන් සිදු කළ පළමු ආයුර්වේද වෛද්‍ය සායනය මෙයවන අතර මූලික අදියර යටතේ, ගනේගොඩ ,පුදුක්කුලම කුබුක්වැව ,තිහව යන ගම්මානවල ජනතාව වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබිණි.
ග්‍රාමීය ජනතාවගේ නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න දිවිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩසටහන මෙහෙයවූ බව සංවිධායක මණ්ඩලය කියයි.
පාරම්පරික වෛද්‍යවරුන් 23 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කළ මෙම වෛද්‍ය සායනයට 176 දෙනෙකු සහභාගි වී සිටියහ.
ගස්සන්දළුපොත විහාරස්ථානාධිපති ලැගුම්දෙණියේ සිද්ධාර්ථ හිමි සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ආර්.ඒ.සාගරිකා සී. හේරත්, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී මනෙල් පෙරේරා ,සංවර්ධන නිලධාරී නිල්මිණි එදිරිසිංහ ,ග්‍රාම නිලධාරී ඉෂානි රත්නායක ,කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ තිහව වසම භාර ලලිත් ජයවික්‍රම මහතා ඇතුළු මහත්ම මහත්මීන් ද ප්‍රදේශයේ ග්‍රාමීය කමිටු සාමාජික මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙම වැඩසටහන මෙහෙය වීම හා සම්බන්ධීකරණ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය බාර සංවර්ධන නිලධාරී මානෙල් පෙරේරා මහත්මිය සිදු කළාය.



2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉබ්බාගමුවේදී ආයුර්වේද වෛද්‍ය සායනයක්