
(ටී.කේ.ජී.කපිල )
ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියේ තරග කීපයකට සහභාගී වීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ඔවුන් අද පස්වරු 12.45 ට ඉන්දියාවේ බැංගලෝර් සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් වූ එස්.ජී.- 9045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක කර තිබුණි .
ඔවුන් සහභාගී වන පළමු තරගය එළඹෙන සැප්තැම්බර් මස 02 දින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය .

COMMENTS