IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


’’සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි’’

(නිමල කොඩිතුවක්කු)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රජා ශක්ති වැනි සිවිල් කමිටුවල නිලධාරීන්ගේ සහතිකයන් සහන ලබාගැනීමට අවශ්‍ය වීම යනු සහන කටයුතු වෙනත් පැත්තකට ගෙන යාමක් බවත් මේ සහන ක්‍රියාවලිය පිරිසිදු වගවෙන වගකියන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක “හුස්ම” වැඩසටහන යටතේ හලාවත සහ මාරවිල රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍ර ඇතුලු සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට එක්වෙමිනි.

සහන ලබා ගැනීමට  ප්‍රජා ශක්ති කමිටුවල අනුමැතිය අවශ්‍ය බවට රජයේ ප්‍රබල ඇමතිවරු කියමින් යන බවත් ප්‍රතිලාභ ලැබීමට සහතිකය අවශ්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් පමණක් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.



අදහස් (0)

’’සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site