
(අංජුල මහික වීරරත්න)
අමාත්‍ය ලාල්කාන්ත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුතිය (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මිහින්තලය නා හිමිට වනචාරියා ලෙස හදුන්වමින් අපහාස කර ඇති බව කී රාජපක්ෂ මහතා මෙසේ බෞද්ධ නායකයකුට අපහාස කිරීම තමා තරයේ හෙලා දකින බව සඳහන් කළේය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි "කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික,වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්,නොකළ යුතුය" ලෙස දක්වා ඇතැයි නාමල් රාජපක්ෂ මහතා කීය.
නීතිය සැමට සමානනම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවා දැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.
සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කළා නම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල් කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහතන් වහන්සේලා තෙල් කටාරමට දාපු රටක ඉතිහාසය අපිට කියල දෙන්න හදන අමන වැඩඩකරපු මන්ද බුද්ධික චරිත අප්පිරියයි. අනික නඩු දැම්මත් ලාල්කාන්ත නිදහස්. හේතුව පුද්ගලයෙක් අරමුණු කරගෙන නැහැ. තොප්පිය හරිනම් දාගත්තට ලාල්කාන්ත පලිද!
සිවුරට මුවා වෙලා දේශපාලනය කළ යුගය ඉවරයි. අනිත් එක, මහින්ද රාජපක්ෂ සෝභිත හාමුදුරුවන්ට කතා කළ හැටි මතක නැද්ද? මහින්ද ජනාධිපති කාලේ මහ නායක හිමිවරු කියන කිසි දෙයක් ගණන් ගත්තේවත් නෑ. දැන් මේ මිනිහට කඩේ යන සිවුරුකාරයෙක් නිසා රිදිලා.
නාමල් ගේ අදහසට මම එකගයි. හැබැයි ඔය ගෞරවය කියන එක උපයාගත යුතු දෙයක්. අදාල හිමිනම තම චර්යා තුල ඒ ඉපයීම කරලා නැහැ. මිනිස්සු හරි අසරණයි කහ සිවුරට හෝ පුජක ලෝගුවට මුවා වෙලා ආගමික නායකයින් පහත් හැසිරීම් කරනකොට. බලන්න ඔය හාමුදුරුවෝ රටේ නායකයින්ට මොන තරම් අපහාස කරනවද කියල. හැබැයි බැරි වෙලාවත් ඒ මිනිස්සු ඒකට ඒ භාෂාවෙන්ම පිළිතුරු සැපයුවහම ආගමට අපහාස කරනවා කියල කෑ ගහනවා. ඔහොම දේවල් හැම භික්ෂුවටම වෙන්නේ නැහැ නේද? තමන් වගා කරන දෙය තමයි තමන් නෙලාගන්නේ.
මිහින්තලේ ඉන්නේ එක වනචාරියයිද? එහෙනම් කතාව වැරදියි තමයි
නෑමොලේට පෙන්නේ නැද්ද ඒ කහකඩය කියන කථා. ඒ වචන ස්වාමින් වහන්සේ කෙනෙකුට සුදුසුද.
කිඹුලා කනකොට ඉවසන්න පුළුවන්. ඒත් මේවගේ තමන්ගේ බලය තිබ්බ කාලේ කරන්න පුළුවන් හැම නොසන්ඩාල පාහර වැඩක්ම කරලා දැන් 2.50 ට වැටිලා ඉන්න කලේ අපිට බන උගන්නන්න එනකොට නම් දෙන්න හිතෙනවා හොම්ම්බට එකක්. නොදමකින් විතරක් මෙහෙම කාලකන්නි.
තමන් නුවර වැව රවුමේ දළදා මාලිගාව ඉදිරිපිට බලෙන් රේස් පදිනකොට ආගමට සංඝරත්නයට අපහාස කලේ නැතිව ඇති.
මෙතුමල බුදු දහමට හොදටම ගරු කලා ඒ කාලේ
නීති විභාගය හොරට ලියපු කොහොමද බං අයි. සි. සි. පි. ආර් පනත ගැන දන්නේ, ඔය වගේ ගොන් කතා කියන්න කලින් අඩුම ගානේ ජි. එල් පීරිස් වත් මුණගැහියන්, උබට දැන් උපදෙස් දෙන්නේ සාගර කාරියවසම් නේද ?
මිනිසුන්ට ඔබට වඩා වැඩි යමක් තේරෙනවා,ඒ නිසා ඔයාගේ වැදි බණවලින් වැඩක් නැත.