IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


’’මහ බැංකුව වාහන ආනයනය සීමා කර නෑ’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නැති බවත් තමන් දන්නා තරමින් රජයටද වාහන ආනයනය සීමා කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි 1 වැනිදා මෙරට වාහන ආනයන සීමා ඉවත්කර ආකාරයටම ඉදිරියටත් මෙරට වාහන ආනයනය විවෘතව පවතිනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන උපරිම ණය සීමාව සංශෝධනය කිරීමෙන් වාහන ආනයනය සීමා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මුල්‍ය කල්බදු ආයතන අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරනු ලැබුවේ මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ගයක් ලෙස බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ඕනෑම ණය මුදලක් ලබා ගැනීමට යාමේදී ලබාගත හැකි උපරිම ණය සීමාවක් තිබෙන බවත් එලෙස උපරිම ණය සීමාවක් තිබෙන්නේ රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. එමගින් යම් පුද්ගලයකු ණය මුදලක් ගැනීමේදී ඔහු ලබා ගන්නා ණය මුදල දරාගත හැකි මට්ටමක තිබෙන බව සහතික කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෝටර් රථ ආනයනය කිරීම සඳහා වසර කීපයක තහනමක් තිබූ බැවින් උපරිම ණය සීමාව සංශෝධනය නොකළ බවත් නමුත් නව මහ බැංකු පනත යටතේ මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ගයක් ලෙස මෝටර් රථ මිලදීගැනීමේදී ලබාදෙන උපරිම සීමාව සංශෝධනය කළ බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

පුද්ගලික වාහනයක් මිලදී ගැනීමේදී සියයට 70 ක ණය මුදලක් ලබාගෙන ඉතිරිය සඳහා මුදල් යෙදවීම අසාධාරණ නොවන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. වාණිජ වාහනයක් මිලදී ගැනීමේදී උපරිම ණය සීමාව ඉහළ මට්මක තිබෙන්නේ එම වාහනවලින් ආදායමක් ලැබීමත්, මිලදී ගන්නන් වෙත මුදල් ගලා එම ඉහළ වීමත් නිසාවෙන් බවද වීරසිංහ මහතා පැවැසුවේය.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

’’මහ බැංකුව වාහන ආනයනය සීමා කර නෑ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site