IMG-LOGO

’’පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා’’

(සුජිත් හේවාජුලිගේ)

තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී  විශ්‍රාම වැටුපෙන්  බවත් එම  වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කළේය

"අපි දුෂ්කරම පැයේ ඇත්තටම සටන් කරපු මිනිස්සු"  යයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පවසන්නේ සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

නන්දන ගුණතිලක මහතා තැබූ එම සටහනේ මෙසේද සඳහන්වේ

මම ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රුපියල් 68000  න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදම්  ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රුපියල්  700 ක්  800 ක් විතර.



අදහස් (24)

’’පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා’’

ගුණරත්න Saturday, 02 August 2025 02:56 PM

ආණ්ඩුව හදන්නේ ස්වාධීන මන්ත්‍රීලා ටික නැති කරලා දාන්න. දැන් මන්ත්‍රී කෙනෙක් වෙන්න නම් විශාල මුදලක් තියෙන බලවත් කෙනෙක් වෙන්න ඕනෑ වෙලා, මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව වැටුප් විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය පැලැන්තියේ මනුස්සයෙක්ට දේශපාලනය කරන්න බැහැ. නමුත් නමුත් මහා ධනවතෙක්ට හෝ ආණ්ඩු පක්ෂයට ඔය ප්‍රශ්නය නැහැ. මොකද ඔවුන්ගේ පක්ෂය ලංකාවේ ධනවත්ම පක්ෂය නිසා. මේකෙන් වෙන්නේ ආණ්ඩුවේ පක්ෂයෙන් විතරක් දේශපාලනය කරන්න පුළුවන් වෙන එක, මේක අනියමින් ඒකාධිපතිවාදයක් හදන උත්සාහයක්....

:       177       223

ඒ.එම්.ඒ. කුමාරSaturday, 02 August 2025 06:44 PM

ගුණරත්න මහත්තයෝ ඔයා කියන ඔය නාස්තිකාර, වියදම්කාර දේශපාලන ක්‍රමය තමයි මේ රටේ ජනතාව අවසන් කලේ. දැන් මේ රටේ දේශපාලනය කරන්න කෝටිපතියෙක් වෙන්න ඕන නෑ. ජනතාවගේ විශ්වාසය දිනාගත්ත, ජනතාවට සේවය කරන්න අවංක උවමනාවක් තියෙන ඕනෑම කෙනෙකුට දැන් දේශපාලනයට එන්න පුළුවන්. එහෙම නැතුව ජනතාවගේ මුදල් වලින් සැප විඳින්න දේශපාලනය තෝරාගත්ත අයට දැන් ඉඩක් නෑ...

:       158       114

ගුණරත්නSaturday, 02 August 2025 09:16 PM

මම කියපු දේ පොයින්ට් එක තේරෙන්න නම් වහලෙක් නොවෙන්න ඕනෑ. මොකද වහල්ලුන්ට ඔය කමෙන්ට් එක කියෙව්වාම රිදෙනවා. වහල්ලුන්ට ඔවුන්ගේ නායකතුමා, බොසා, සහෝදර උතුමා කියන දෙයින් එහා සාධාරණව හිතන්න ශක්තියක් නැහැ. ඉතින් තේරුමක් නැහැ වහලෙක් එක්ක වාද කරන එක...

:       3       2

PradeepSunday, 03 August 2025 03:55 PM

තමන්ගේ දරුවන්ට කන්න බොන්න, නැතිවුණත් තමන් හමුවට ජනතාවගේ සල්ලි වලින් කන්න දෙන්න කියන්න තරම් වහල්ලු ඉන්නවා තාමත්....

:       0       0

සුභ Sunday, 03 August 2025 11:07 AM

කුමාර මහත්තයෝ පැලවත්ත අරමුදලෙන් සල්ලි ගලන අයට නම් ඔයාගේ කතාව හරි...

:       1       1

විජිත්Saturday, 02 August 2025 08:53 PM

හලෝ මන්ද මානසික ගුණරත්න, එය ආණ්ඩුවේ තීරණයක් නොව, ඔබ හා යෝගා වැනි පක්කලිකම් කරන සක්කිලි අතලොස්සක් හැරෙන්නට 68 ලක්ෂයක් බුද්ධිමත් ජනතාවගේ ඉල්ලීමක් ඉටු කිරීමයි.

:       5       2

ලලනිSaturday, 02 August 2025 08:57 PM

හලෝ ගුණරත්න, දැං රතු කැකුළු 195 යි, ට්‍රම්ප් බද්ද 20% යි, එල්ලෙන්න වැල් නැතුව ගිය නිසා දැන් යෝගත් එක්කම මුන්නැහේගේ වල්ගේවත් එල්ලෙන්න.

:       3       2

යෝගා Saturday, 02 August 2025 02:58 PM

කුණුහරුප කියාගෙන ආණ්ඩුවේ ජරාව හෝදන කුලී ඩෝබිලා අහගන්න. ඔය කියන්නේ ඔරිජිනල් ජෙප්පෙක්... නිකම් නෙවෙයි, හිටපු ජනාධිපති අපේක්ෂක ජෙප්පෙක්. මේ ආණ්ඩුව ගෙදර ගිය දාක හොර උපාධි 159ත් ඔහොම අඬයි...

:       174       223

Niranga Saturday, 02 August 2025 03:00 PM

කමක් නෑ අපිට ඔයාගෙන් වැඩක් නෑ....

:       170       131

අකිල Saturday, 02 August 2025 03:10 PM

ඇති දුෂ්කරම පැයේ කිව්වේ, 2021 රටේම ආර්ථිකය කඩා වැටිච්චි වෙලේ..., කවුරු හරි දැක්කාද මෙයා ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඉන්නවා?

:       164       140

ඒ.එම්.ඒ. කුමාර Saturday, 02 August 2025 03:11 PM

ඉතින් රස්සාවක් කරලා කන්නකෝ... මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කන්න බලාගෙන ඉන්නේ නැතුව... අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ ඉඳලා ජීවිත කාලයටම මාසයකට 68000.00 ගානේ ජනතාවගේ මුදල් ගිලින්න ලැජ්ජා නැද්ද? තමන්ගේ ජීවිත කාලයම රට වෙනුවෙන් සේවය කරපු කීයෙන් කීදෙනාටද මාසයකට හැට අට දාහක් ලැබෙන්නේ...

:       126       110

ajith Saturday, 02 August 2025 03:14 PM

ජනතාවගෙන් කන්න බලන් ඉන්න කෙනෙක්, අස්වැසුම දෙන්න.

:       167       172

lion Saturday, 02 August 2025 03:22 PM

රස්සාවක් කරන්න... අනිත් මිනිස්සු වගේ, බොරුවමයි කෙරුව පක්ෂ මාරු කරන්න... මැරුණොත් මිනිස්සු වළලලා දායි...

:       3       84

Ajith Pathirana Saturday, 02 August 2025 06:27 PM

මෙයා කොටියෙක්ද? වහාම මෙයාව අත්අඩංගුවට ගන්න ඕනෑ මරාගෙන මැරෙන පොයින්ට් එකට....

:       10       69

ravin Saturday, 02 August 2025 06:34 PM

අනුකම්පාවයි, භූමිකම්පාවයි කියන දෙකේ වෙනස හොයාගන්න තිබුණා... මන්ත්‍රී කාලේ මෙයා කරන ලද දූෂණ, වංචා ටික හොයලා බැලුවා නම්...

:       8       63

Chathuri Saturday, 02 August 2025 07:07 PM

ජනතාවත් නිකම් ඉන්නේ නැහැ... මොවුන්ට තවත් කන්න වෙන්නේ ජනතාවගේ මුදලින්. ජනතාවත් මරාගෙන මැරෙනවා... ඕවා නතර කරන්න. කාලකනනි මන්ත්‍රීන් හොරා කෑවා. ඊට පස්සේ... පැරුදුණාම මොවුන්ට පැන්ෂන්. මුන් මොනාද රට වෙනුවෙන් කෙරුවේ වැඩක්...? ගන්න පගාව දෙන්නම ඕනෑ. අපේ දෙමව්පියෝ රස්සාවල් කෙරුවා. අවුරුදු පහෙන් පැන්ෂන් නැහැ. අව්රුදු 40ක් වත් බඩ ගාන්න ඕනෑ පැන්ෂන් හදා ගන්න.

:       5       64

fairoos Saturday, 02 August 2025 07:18 PM

මේවට සපෝට් කරන බයියෝ ඉන්නකන් රට ගොඩගන්න අමාරුයි. ඉතින් අපිට මොකද? මැරෙනවා නම් මැරෙන්න..

:       10       82

PGPThilak Saturday, 02 August 2025 09:17 PM

අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ හිටියට ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ගැනීම අසාධාරණ බව තේරුම්ගන්න හෘද සාක්ෂියක් නැත්තේ ඇයි? ජීවිතයේ තමන්ගේ කාලය ප්‍රයෝජනවත් රස්සාවක් කරන්න යොමු නොවීම පිළිබඳව කණගාටුවක් තියෙනවා! දුෂ්කරම මොහොතේ අපේ ජනාධිපති. අපේක්ෂික ධුරය භාර ගෙන නිර්භීතව. අදූෂිත පුරවැසියන් වෙනුවෙන් හඬක් නැගුවා! කැපකිරීමක් කළා... එයට අපි ස්තූතිවන්ත වියයුතුයි! අගය කිරීමක් කළ යුතුමයි! අමතක නොකළයුතු අපේම සොහොයුරෙක්...!

:       0       2

Gayan Jayasinghe Sunday, 03 August 2025 08:58 AM

ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කළ මේ පුද්ගලයා වහා අත් අඩංගුවට ගත යුතුයි.

:       0       0

සුපුන් චාමර Sunday, 03 August 2025 08:59 AM

අනිවාර්යයෙන්ම පනත සම්මත කරලා මේ වගේ කාලකන්නි මේ ලෝකෙන් ඉක්මනින්ම චුත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

:       0       0

P.D Goonawardene Sunday, 03 August 2025 12:20 PM

අනේ මැරෙන්නකෝ අප්පා....!

:       0       0

Lalla Sunday, 03 August 2025 12:33 PM

අවුරුදු පහක් මන්ත්‍රීල වෙලා ඉඳලා 68000/= ගන්නවා. රාජ්‍ය සේවයට අවුරුදු තිහකට වඩා කඹුරලා 68000/= ගන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ කී දෙනාටද?

:       0       0

beau Sunday, 03 August 2025 01:54 PM

මරාගෙන මැරෙනවා? තමන් ගිහින් මැරුණට අපිට කමක් නෑ... එතකොට , කවදාද මෙයා මරන්න හිතාගෙන ඉන්නේ.. පොලිසිය, කරුණාකර මේ පිස්සාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර, උසාවි ගෙනියන්න. මෙයාට මිනිස්සු මරණ පිස්සුව තියෙන්නේ...!

:       0       0

ලුම්බිණි Sunday, 03 August 2025 02:06 PM

ලැජ්ජයි සහෝදරයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site