
(අංජුල මහික වීරරත්න)
රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද(3) උදෑසන මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
සමහර තැන්වල අඩු වැඩි වශයෙන් තෙල් වල අඩුපාඩුකම් තිබෙන නමුත් ඇති තරම් ඉන්ධන තොග නිකුත් කර තිබෙන බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැතැයි රාජකරුණා මහතා කීය.
"අද දිනයේ පෙරවරු හයට බෙදාහැරීම් ආරම්භ කළා.
අද දහවල් වන විට කිසිම පිරවුම් හලක ඉන්ධන හිඟයක් හෝ පෝලිමක් ඇතිවෙන්න හේතුවක් නැහැ.තෙල් ඒකරාශී කිරීමෙන් තොරව සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යන ලෙස ජනතාවට මතක් කරන්න කැමතියි යනුවෙන්ද සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට චන්දෙ දුන්න එකෙක් විදියට හරිම කනගාටුයි කියන්න, මේ ආණ්ඩුවේ ප්‍රශනයක් වෙන්න කලින් හෝ ,මුලිඛ අවස්ථාවේ කරන planing ,prcaustions හරිම දුර්වලයි. දිත්වා අවස්තාවෙත් දැක්ක දැනුත් දකිනවා. පෝලිමේ ඉන්න උන් දවසම ඉන්නවා, පෝලිම් වල ඉන්න ඕනේ නැහැ කියල , කලබල නොවී ඉන්න පිරිස ට හදිස්සියකටවත් තෙල් ටිකක් ගහගන්න ඉඩක් නැහැ. මේවා ට තියෙන විසඳුම් හරි වෙලාවට දාන්න මේ උද්දච්ච ඇමතිලා කැමති නැහැ
කියන දේ අහන්නෙ නැතුව අනවශ්‍ය අය නිසා දිග තෙල් පෝලිම් හැදෙනවනම් QR ක්‍රමය වහාම ක්‍රියාත්මක කරන්න.