(සුජිත් හේවාජුලිගේ)
දේශීය ආදායම් පනතට අලුත් සංශෝධන ලබන 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම ගැනීම අනිවාර්ය කර ඇති හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම අපරාධමය වරදක් ලෙස දැක්වෙන සංශෝධන දේශීය ආදායම් පනතට එක් කිරීමට කටයුතු යොදා ඇත.
රටේ බදු ගෙවන පිරිස වැඩි කර ගැනීම සහ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක ඉලක්කයක් කරා ළඟා කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මෙම වරද යටතේ වරදකරුවන් වන අයට රුපියල් ලක්ෂ හතරක දඩයක් හා මාස හයක සිර දඬුවමක් ලබා දිය හැකි බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහස පොළොව නුහුලන අපරාධ මේවාද? මට හිතෙන්නේ මේ නීති ගෙනෙන මිනිස්සු අපරාධ කාරයෝ. කිව්වේ නම් කොහොමද?
විදේශ රැකියා වල ඉන්න අයට කොහොමද? අනික රජය බදු ගන්න වැඩ පිළිවෙලවල් හදනවා විතරයි. බදු ගෙවන මිනිස්සු විශේෂයෙන් පෙන්ෂන් එකක් නැති මිනිස්සු අමාරුම කාලේ අතහැරලා දානවා. ඒවාට වැඩ පිළිවෙලකුත් මේ එක්කම යෝජනා කරන්න. මිනිස්සු එතකොට තව උනන්දු වෙයි. වෙන රටවල අවුරුදු 15-20 ආදායම් බදු ගෙව්වොත් PENSION SCHEME එකකට වැටෙනවා. අපේ පුද්ගලික අංශයේ සේවකයෝ පාරට වැටෙනවා.
වෙන රටක ආදායම් බදු ගෙවන කෙනෙකුට ලැබෙන සහන
බදු ගෙවන මිනිස්සුන්ට ලැබෙන පාසැල් අධ්‍යාපනය හොඳයි ද ? 100% දරුවන් පාසැල් යනවට අමතරව ,පුද්ගලික පන්ති වලට සභාගි වෙනවා. සමහරක් මාසෙකට රුපියල් 2000 සිට 80000 ලක්ෂය දක්වා පුද්ගලික ගුරුවරුන් වෙනුවෙන් වියදම් කරනවා. මම හිතන හැටියට , පුද්ගලික tution වල සංසරණය වන මුදල් ප්‍රමාණය මාසෙකට බිලියන ගණනක්. රෝහලකට ගියොත් , රෝහලේ operation එකකට අවුරුදු 2-3 ඉන්න ඕනේ , බදු ගෙවන්නේ නැති මිනිස්සුන්ට දඬුවම් කරනවා වගේම , ගෙවන බදු මුදලට හරි සේවයක් නොකරන පාසැල් වලට මොනවද කරන්නේ ? මෙය අනෙකුත් රාජ්‍ය ආයතන වලටද වලංගුයි ලෝකේ හැම දියුණු රටකම අවුරුදු 18ට වැඩි අයට බදු අංකයක් , සමාජ ආරක්ෂණ අංකයක් තියෙනවා -ඒක හොඳයි. හැබැයි බදු ගන්නවා වගේම ඒ බදු ගෙවන මිනිස්සුන්ට අවශ්‍ය සේවය දෙන වැඩපිළිවෙලත් හදන්න ඕනේ
අපෝ අපි ඉවරයි මල්ලී.