
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මීගමුවේ සිද්ධියදා තමා බුදියගෙන සිටියේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙම සිද්ධියේදී වගකීම් පැහැර හැර ඇති බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසූ අමාත්‍යවරයා සිද්ධිය ගැන ගැන තමාට විශාල කම්පනයක් තිබෙන බව ප්‍රකාශ කළේය.
" අද මට ඉවත් වෙන්න කියන්නේ ඇප නියමව සිටින අය. හිරේ යන්න නියමිතව සිටින අය. ජනතාව අපේ ඇමතිවරුන් මට ඉවත් වෙන්න කියන්නේ නෑ. ඒ නිසා මම ඇමති ධූරයෙන් ඉවත් වන්නේ නෑ" යැයි ඔහු කීවේය.
ඔහු මෙසේ පැවසූවේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ විවාදයේදීය.
හර්ෂණ නානායක්කාර මහතා මෙසේද පැවසීය.
විපක්ෂය අද කතා කළේ වචන නොවේ. හලාහල විෂ. වෛරය. අපේක්ෂා භංගත්වය. සමහරු මෙතන කතා කළා නොවෙයි. වමනය කළා.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා පුද්ගලයන්ට ඇප ලබා ගැනීමට ප්‍රශ්න මතුවෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පුද්ගලයන් බඳවා ගැනීම ආරම්භ කළා. හැටකට ආසන්න පිරිසක් බඳවා ගත්තා. ජනාධිපතිතුමා මේ සඳහා සෘජු මගපෙන්වීම කරනවා. ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා 7500 ක් දෙන්න කටයුතු කරනවා.
තදබදය අඩු කරන්න හිර ගෙවල් විතරක් හදලා වැඩක් නෑ. ජනාධිපති සමාව දීමේ වාර්තාව අපිට ලැබුණා. ඒ හරහා අපිට අඩු කරගන්න පුළුවන්. පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට ගෙවල් වල තැබීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. මේකට නීතියක් හදනවා. හැමෝම හිරේ තියන්න අවශ්‍ය නැහැ.
මේ සිද්ධිය වුණු වෙලාවෙ ඉඳලා මම සිද්ධිය දන්නවා. අපි බුදියගෙන හිටියේ නෑ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. සිද්ධිය ගැන සියලු විමර්ශන කරනවා. යම් කෙනෙකු නීතිය අනීතික ලෙස භාවිත කර තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා. නිලධාරීන් කෲර අන්දමින් මරා දමලා තිබුණා. ඒ කරපු රැඳවියන්ට එරෙහිව සාක්ෂි එක්රැස්කර නඩු පවරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd