
(රෝෂන් තුෂාර)
කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරශ්ර ඉඩම ක්රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන්නැයි කරන ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය.
ඇප ඉල්ලීමට අදාල මෝෂන් පත්රයක් ගොනු කරමින් ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා සිටියේ ඝාතනයට ලක්වූ කොටිනායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මව හා පියා ආරක්ෂිතව රැකගැනීමට සහනුකම්පිත වූ ජනතාවක් වෙසෙන රටක් මනුෂ්ය ඝාතන කර නැති, මත්ද්රව්ය විකුණා නැති මහජන නියෝජිතයකුට ඇප ලබානොදීමට හේතුවක් නොමැති බවය.
නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතිය ක්රියාත්මක වෙනවා සේම එම නීතිය සාධාරණව ක්රියාත්මක වන බවට සමාජයට පෙනී යා යුතු බවය.
ආණ්ඩුවේ ඇමතිවරයකුට එක් නීතියකුත් , විපක්ෂයේ මන්ත්රීවරයකුට තවත් නීතියකුත් නොතිබිය හැකි බවද පැවසීය.
ආණ්ඩුවේ මන්ත්රීවරයකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති නමුදු එම ඇමතිවරයා මහේස්ත්රාත් අධිකරණයකට ඉදිරිපත් නොකර මහාධිකරණයට ඉදිරිපත් කර එක් දිනකින් ඇප ලබාගෙන ගොස් ඇති බවත්, ඔහු මේ වන විට විවිධ උත්සවවලට සහභාගි වෙමින් පීත පටි කප කපා යන බවත් පැවසීය.
එක් රටක එක් නීතියක් මිස නීති දෙකක් නොතිබිය යුතු බව පැවසූ නීතිඥවරයා තම සේවාදායකයාට ඇප ලබාදීමෙන් පසුව ඔහු මේ රට දාලා දුවන මහජන නියෝජිතයකු නොවන බවද පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්රාන්ස්වක් චතුරශ්රය නමැති භූමිය ක්රිෂ් ට්රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd ) පවරා ගැනීමට අවශ්ය අනුමැතින් කඩිනමින් ලබා ගැනීමට මිලියන 70 ක මුදලක් අල්ලසක් ලබා දුන්නේ යැයි කියන සමාගමේ ඉන්දීය ජාතික අධ්යක්ෂකවරුන් වන අමිත් කට්ටයාර් , රාජේන්ද්ර ප්රසාත් ගුප්තා, එම සමාගමේ අධ්යක්ෂිකා , ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන , සහ නාමල් රාජපක්ෂ සැකකරුවන්ට එරෙහි පැමිණිල්ලට විශේෂ මෝෂන් පත්රයක් ඉදිරිපත් කරමින් එසේ පැවසීය.
පැමිණිල්ලේ සිව්වන සැකකරුවන් ලෙස නම් කර ඇති නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති නීතිඥවරයා මෙසේ ද පැවසීය.
සැකකරුගේ පියා වන මහින්ද රාජපක්ෂ මහතා දැඩි රෝගී තත්ත්වයෙන් පසු වෙනවා. ඔහුගේ වයස අවුරුදු 81යි, නිතර වෙනස් වන අධිරුධිර පීඩනය විසාදය වැනි රෝගී තත්ත්ව වලින් පෙළෙන සැකකරුට උපස්ථාන කළ යුතුයි. මීට පෙර එම උපස්ථානයන් සිදු කළේ සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. ඇය මේ වන විට වෙනත් නඩුවක සැකකාරියක වී දැනට ඇප ලබා හෘද රෝගී තත්ත්වයට ප්රතිකාර ලබමින් සිටිනවා. ඇයට වයස අවුරුදු 74යි, මහින්ද රාජපක්ෂ රෝහල් ගත සිට ප්රතිකාරලබා තිබෙනවා. ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (26)සවස 4.00 ට ජීවිත අවදානම් විවෘත හදවත් සැත්කමකට ලක් කිරීමට නියමිතයි.
ශිරන්ති රාජපක්ෂ මේ වනවිට හෘද ස්පන්දන යන්ත්රයක ආධාරයෙන් (pacemaker) පසුවනවා. මවට පියාට උපස්ථාන කිරීමට ඉන්න එකම පුද්ගලයා මේ වැඩිමහල් සැකකරු පමණයි. පියා රෝගී තත්ත්වයෙන් නිසා මවට උපස්ථාන කිරීමට නොහැකියි. මවට ජීවිත අවදානම් තත්ත්ව සල්යකර්ම දෙකක්. මමට පියාට උපස්ථාන කිරීම සඳහා සංවුකම්පිත ලෙස සලකා බලා ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
ඊට ප්රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂිකා තනුජා බන්ඩාර මහත්මිය මෙසේ පැවසුවාය.
මම මේ ඇප ඉල්ලීමේ මෝෂන් පත්රය සම්බන්ධයෙන් කරුණු දැන ගත්තේ අද උදෑසන මේ අධිකරණයට වෙනත් නඩුවකට පැමිණි පසුවයි. මෙම මෝෂන් පත්රය සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් දැනුවත්භාවයක් නැහැ. අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනතේ පවතින ප්රතිපාදන වලට අනුව කටයුතු කරනවා. එහි තිබෙන ප්රතිපාදන ශ්රේෂ්ඨාධිකරණය විසින් ද අනුමත කරලා තියෙන්නේ. මෙම සැකකරු වෙනුවෙන් අද දිනයේ ඉදිරිපත් කරපු කරුණුවලට ලිඛිතව දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කිරීමට පැමිණිල්ලට කාලය අවශ්යයි. එම නිසා වෙනත් දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා නියෝගය ලබා දෙමින් පැමිණිල්ල විසින් සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධව දරණ ස්ථාවරය හෙට (28) දින අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළේය.
ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙසේද පැවසීය.
මීට පෙර සැකකරු වෙනුවෙන් දීර්ඝ ඇප අයදුම් පත්රයක් ඉදිරිපත් කර තිබුණා. නමුත් අද ඉදිරිපත් කළ කරුණු එම ඇප අයැදුම් පත්ර තුළ අඩංගු වී තිබුණේ නෑ. එම නිසා සැකකරුට ඇප ලබා දීමට මෙම කරුණු සුවිශේෂී කරුණු ද නැද්ද යන්න සලකා බැලීමට අධිකරණයට බලය තිබෙනවා. නමුත් මේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය ද දැන ගැනීමට අවශ්යයි. එමනිසා පැමිණිල්ලේ ස්ථාවරය හෙට අධිකරණයට දැන්විය යුතුයි. අනතුරුව ඇප ඉල්ලීම පිලිබඳ මම සුදුසු නියෝගයක් හෙට දින කරනවා.
මෙම නඩුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිශ් සමාගමේ හිටපු අධ්යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන මේ වනවිට නොවැම්බර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd