IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘වයඹ ගුරුවරුන් 21 පාසල් නාවොත් පඩි කපනවා‘‘

(පුෂ්පකුමාර ජයරත්න සහ අජන්ත රත්නායක)

වසර එක හමාරකට පසුව පාසල් යළි විවෘත කිරීමට යන අවස්ථාවේදී පාසල්වලට නොපැමිණෙන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවීමට පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පැවසීය.

පාසල් විවෘත කිරීමේ කටයුතුවලට බාධා කරන සහ විරුද්ධව ක්‍රියා කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

පාසල් විවෘත කරන්නේ 21 වැනිදා වුවත් ගුරු සංගම් පවසන පරිදි ගුරුවරුන් පාසලට පැමිණෙන්නේ 25 වැනිදා බව කී ආණ්ඩුකාරවරයා එම යෝජනාව හකුලාගෙන 21 වැනිදාම පාසලට පැමිණෙන්නට සිතුවොත් හොඳයි යනුවෙන් ද කීවේය.

රාජා කොල්ලුරේ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල වැව රවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාසල්වලට පැමිණ විනය විරෝධී ක්‍රියා කරන්නට කිසිවෙක් හෝ උත්සාහ කළහොත් එයට ඉඩනොදෙන බවත්, පාසල් විවෘත කිරීමට විරුද්ධවීම දේශද්‍රෝහී, සාපරාධී මෙන්ම ජනතාද්‍රෝහී ක්‍රියාවක් බව ද පැවසීය.

මෙය රටේ පාසල් දරුවන්ගේ අනාගතය පිළිබඳව කටයුත්තක් මිස වෙනත් ප්‍රශ්නයකට සම්බන්ධ කාරණයක් නොවන නිසා පාසල් යළි විවෘත කිරීමේ කටයුතුවලට රටේ සියළුම ජනතාවගේ ආශිර්වාදය හිමිව ඇතැයි ද පැවසීය.

කම්කරු නීතිය අනුව වර්ජනයක් පවතින අවස්ථාවේදී වර්ජකයන්ට වැටුප් ගෙවන්නේ නැති බවත්, වර්ජනයෙන් පසුව අවශ්‍ය නම් වැටුප් ලබා ගැනීමට හැකි බවත්, එය තමන් නීතිඥවරයකු ලෙස දන්නා බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.



අදහස් (37)

‘‘වයඹ ගුරුවරුන් 21 පාසල් නාවොත් පඩි කපනවා‘‘

Tharindu Perera Tuesday, 19 October 2021 06:20 PM

එතනින්ම පේනවා ආණ්ඩුව ගුරු සංගම් ඉදිරියේ මොන තරම් අසරණ වෙලාද කියලා! ‌පවු ඉතින්...

:       19       34

fairoos Tuesday, 19 October 2021 06:47 PM

කියපු එක ආපස්සට ගන්නේ නැහැනේ?

:       4       19

කිරි පුතා Tuesday, 19 October 2021 07:17 PM

වයඹ නෙවෙයි රට පුරාම වැඩට නො⁣එන සියලු ගුරු භවතුන්ගේ පඩි කැපිය යුතුයි. අවුරුදු එක හමාරක් නිකම්ම පඩි අරගත්තා ඇති.

:       56       32

Nuwan Tuesday, 19 October 2021 07:49 PM

රටේ ජාතික ආරක්ෂාව, සෛරීභාවය අගාදයට දාපු ආණ්ඩුවක් තියාගෙන දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිඹුල් කඳුළු හෙලීම හාස්‍යජනකයි

:       19       42

GuruThuma Tuesday, 19 October 2021 08:43 PM

එහෙම හිතු මනාපෙට පඩි කපන්ඩ ඔයා හිතාගෙන ඉන්නේ කවුරු කියලද?

:       20       48

chandimaTuesday, 19 October 2021 09:41 PM

සිංහ හම පෙරෙව්වත් නරියා පුර හඳ දැක්කම හූ කියනවා. වැඩිය ගණන් ගන්න එපා

:       13       40

Lalith M Wednesday, 20 October 2021 11:39 AM

හරියටම හරි. තමන්ගේම මුල අමතක කර ගත්ත අපත වාමාංශිකයෝ. අනාගත්ත රජ්ජුරුවන්ටම ගැලපෙන පුරෝහිතයෙක්

:       1       5

චන්දන Tuesday, 19 October 2021 08:59 PM

කම්කරු නීතිය සමහරු දන්නෙ නැහැ. දැනගන්නත් එක්කම ඕක ක්‍රියාත්මක කරන්න .

:       4       29

ana Tuesday, 19 October 2021 09:00 PM

ගුරුවරුනි ඊළග ඡන්දෙදිත් කාට හරි කඩේ යන්න. ගම්වල අහිංසකයින් රවටලා වංචනිකයන්ට ඡන්දේ අරන් දෙන්න පෙරමුනේ හිටියේ ගුරුවරු.

:       7       31

චන්දන Tuesday, 19 October 2021 09:25 PM

විදුහල්පතිවරයෙක් මේ දිනවල පුම්බනවා. හැබැැයි එයාට වැරදුණු දවසට තනි වෙනවා. කවුරුත් නැහැ. අප රටේ වෘත්තිය සමිති එහෙමයි.

:       8       13

Ratne Tuesday, 19 October 2021 09:33 PM

මේ ගැටලු දිග්ගැස්සීමට කරන ප්‍රකාශ.

:       6       20

රැවන් එස් නානායක්කාර Tuesday, 19 October 2021 09:38 PM

ගුරුවරුන්ට තම තමන්ගේ තරාතිරම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා හැම කෙනාම ගුරුවරුන්ගේ ඔලුවට අත හෝදන්න හදනවා. ආණ්ඩුකාර තනතුර දැන් ගෞරවනීය තනතුරක් නොවෙයි. ඒක පැහැදිලිවම දේශපාලන පත්වීමක්. ඒ නිසා ස්වාමියාගේ අණට කීකරු නොවී බැහැ. ඒත් මතක තියා ගන්න ගුරුවරු සමග සෙල්ලම් කරන්න හදන්න එපා. සමස්ත පරම්පරාවකගේම අනාගතය තියෙන්නෙ දේශපාලකයින් අත නොව, ගුරුවරු අත බව.

:       13       33

රුසියාවෙත් නැති මාර්කස් වාදය Tuesday, 19 October 2021 10:42 PM

ගුරුවරුන්ටත් ජොබ් එකට යනකොට පත්වීම් ලිපියේ දීපු පඩිය අමතක වෙලා වගේ. අනේ මේ. අපින් නොදන්නා ගුරුවරු. ගුරුවරු හොඳට ඉගැන්වනවානම් ලංකාවේ ජනප්‍රිය පාසල, ජනප්‍රිය නොවන පාසැල් . රට වටේ කෝටි ගණන් මුදල් සංසරණය වන පුද්ගලික පන්ති තියෙන්නේ නැහැ. ජවිපෙ සරසවි අධ්‍යාපනය කාලා, පාසැල් අධ්‍යාපනයත් කන්න හදනවා. වී වලට වැඩි මිලක් දීල, හාල් වලට අඩු මිලක් දීල, හැම දරුවෙක්ම විශ්වවිද්‍යාල යවල ,එයාලට රජයේ රැකියාත් දීල ,පෙන්ෂනුත් දීලා. එයාල අවොත් කොහොමද කරන්නේ කියලා කීවානම් තමා හරි.

:       27       27

RaveendraWednesday, 20 October 2021 06:02 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.

:       2       5

චන්දන Wednesday, 20 October 2021 07:34 AM

සහතික ඇත්ත. මේ රටේ ජවිපෙ කරන විනාශය අනෙකුත් පක්ෂ කරන විනාශය ට වැඩියි. 88 ඉඳලා ම රටේ ජාතික සම්පත් කොතරම් විනාශ කළාද වටිනා ජිවිත කීයක් අහිමි කළාද.

:       4       7

RaveendraWednesday, 20 October 2021 06:01 AM

ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. රටේ අනාගත පරපුරේ මුරදේවතාවන් වන්නේද ගුරුවරුන්ය. එහි කිසිදු තර්කයක් නොමැත. ගුරුවරුන්ගේ මෙම ඉල්ලීම්ද ඉතාමත්ම සාධාරණය. එනමුත් මේ නායකයන් යයි කියාගෙන රගන්නේ ගුරුවරුන්ද යන්න බාලාංශ පන්තියක සිටින දරුවෙකුට වුවත් තේරෙන කරුණකි. එසේම "ඒත් මතක තියා ගන්න ගුරුවරු සමග සෙල්ලම් කරන්න හදන්න එපා. "යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද අපැහැදිලිය, එනමුත් ඔබලා සෙල්ලම් කරන්නේ රට දරුවන්ගේ අනාගතය අදුරු කර හෝ අපගේ ඉල්ලීම් දිනාගන්නෙමු යන මුග්ධ න්‍යායෙන්වීම කනගාටුවකි.

:       5       8

chandanaWednesday, 20 October 2021 08:46 AM

රුවන් මැතිතුමා පටලවාගෙන වගෙයි. ගුරුකමයි, පුද්ගලයයි ඒක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. පුද්ගලයා හරියට ගුරුකම කලොත් විතරයි ඒක්කෙනෙක් වෙන්නේ. ගුරුකම කරන කෙනා දේශපාලනය කරනකොට ඔහු ගුරුවරයා නෙවෙයි ‌දේශපාලකයෙක්. මහජනතාව වශයෙන් අපිට වැදගත් වෙන්නේ ගුරුකම කරන පුද්ගලයා මිසක් ගුරු බෝඩ් ඒක තියාගෙන විකාර කරන පුද්ගලයන් නෙවෙයි. මේ ජනාධිපතිව පත් කලේ සෘජු තීරණ ගන්නවා ඇතැයි විශ්වාශයෙන්. ඒ්ක ඒහෙම වෙනවනම් ජනතාව ජනාධිපතිවරයා සමග ඉන්නවා. ජනාධිපතිවරයා සමග ජනතාව ඉන්නකම් ඔබ කියන දේවල් සෙල්ලම් නෙවෙයි නියම නායකත්වයයි. ඒතකොට ඔබ කියන හැම දෙයක්ම පුස්සක් විතරයි. ජනතාව ජනාධිපතිවරයව පත් කලේ ඒක ඒක පාර්ශව ඉල්ලන ඉල්ලන වෙලාවට පඩි වැඩි කරන්න නෙවෙයි. මෑතකදි අධිකරණ තීරණයක් දුන්නා මතකයි සේවකයාගෙන් වියයුතු දේ නොවේ නම් තීරණයක් ගැනීමේ අයිතිය ස්වාමියාට තියෙන බවට.

:       4       8

මානව Tuesday, 19 October 2021 11:41 PM

ලැජ්ජා වෙන්නේ සමිති නායකයින්ට පලු පැලෙන්න බනින තම වෘත්තිය ගරුත්වය රුපියල් සත වලට හුවමාරු නොකරන අවංක ගුරුවරුන් තර්ජන මගින් නැවත සමිති ඔඩොක්කුවට තල්ලු උනාම

:       0       1

moosa Wednesday, 20 October 2021 12:13 AM

පඩි කපලා අහු වෙන්න එපා

:       3       1

යාපා Wednesday, 20 October 2021 12:44 AM

අනිවාර්යයෙන්ම. ඕනතරම් මිනිස්සු ඉන්නවා ඔය රස්සාවට ආදරේ

:       1       4

Rashath Udawatta Wednesday, 20 October 2021 03:15 AM

අපූරුයි. ඉතා හොඳයි. සතයක්වත් දෙන්න එපා. ඔවුන් වර්ජනයේ යෙදී සිටියදී වැටුප් කප්පාදුවක් ලබා ගන්න. මාස 3 ක වැටුපක් සහ එම මුදල් කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කිරීම හෝ එම මුදල් දුප්පත් සිවිල් වැසියන් සඳහා පරිත්‍යාග කිරීම. ඔවුන්ට හොඳ පාඩමක් උගන්වන්න.

:       5       4

Demuni Uduwara Wednesday, 20 October 2021 04:14 AM

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුගෙන් තර්ජනාත්මක පණිවිඩයක්!

:       1       4

කසුන් Wednesday, 20 October 2021 07:17 AM

චික් විතරක්, මේ වාමාංශිකයෙක්ද. ඇන්ඇම්, කොල්වින්ගේ පයට පෑගුණු දූවිල්ලක් තරම් වත් වටින්නේ නැහැ.

:       1       3

මංගලිකා Wednesday, 20 October 2021 07:19 AM

මෝඩයා නොවී, කට වහගෙන හිටිය නම් යොදයි. අපි දන්නවනෙවැ ආණ්ඩුකාරවරුන්ගේ හැටි.

:       1       4

Rohana Wednesday, 20 October 2021 07:44 AM

වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන කතාකරන කොමියුනිස්ට් මතධාරියෙක් ගුරුවරුන්ගේ පඩිකැපීමට සැරසෙයි. බොරු සමාජවාදීන්.

:       3       4

Bandara Wednesday, 20 October 2021 08:10 AM

වයඹ ආණ්ඩුකාරවරයා වෙනස් කරනවා කියලා වත් කීවද මන්දා.... මම අද තමයි මෙතුමා වයඹ ආණ්ඩුකාවරයා කියලා දන්නේ...

:       1       3

ජයවීර Wednesday, 20 October 2021 09:44 AM

මරේ මරැ, හරිම ෂෝක වාමාංශිකයෙක්. වැඩට නොඑන සේවකයන්ගෙ වැටුප් නතර කරන්න ආණඩුකාරවරැන්ට කොහේද බලය දීල තියෙන්නෙ. ඔබතුමා කොහොම හරි ආණ්ඩුකාර පදවිය ආරක්ෂා කරගන්න. ගුරැභවතුන් කියන්නේ කම්කරුවන් නොවෙයි. පිදුමට සුදුසු එකම වෘර්තිකයන් තමයි ගුරැ භවතුන්. ආණඩුකාරයින්ට කිසිවෙක් වදින්නේ නැහැ. ඒත් ගුරැභවතුන්ට තැන නොතැන බලා දරුවන් වදිනවා.

:       3       8

සුරලොව ඇල්මන්Wednesday, 20 October 2021 12:55 PM

ජයවීර ගේ කථාව හරි කියමුකෝ. ගුරු භවතුන් කියන්නෙ තැන නොතැන බලා වදින්න පිරිසක් සිටින සමාජයේ පූජ්‍ය පක්ෂයක් ලෙස සැලකිය හැකි පිරිසක් .නමුත් ආණ්ඩුකාර තනතුර සමාජයට අගතියක් කල අයෙකු හෝ පළාත් සභා සේවයේ කෙනකු ගෙන් හැර වෙනත් කිසිවකු ගෙන් වදිනවා තබා ගරු කිරීමකට වත් ලක් නොවන ජාතික ධනය කාබාසිනියා කරන පවුලේ සියල්ලෝම පිංපඩි ලබන තනතුරක්

:       0       3

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 20 October 2021 11:54 AM

බුදුන්ට හැර භවතා කියල ආමන්ත්‍රණය කරන එකම පිරිස වන්නේ ගුරැ වරැන් පමණයි.ඒකයි ගුරැ භවතා කියල කියන්නේ. ජනාධිපති භවතා,අගමැති භවතා,ඇමති භවතා,පුරපති භවතා,දොස්තර භවතා කියල කාටවත් කියන්නේ නැහැ.ඒ නිසා ගුරැවරැන්ට අපහාස කරන්න එපා.මොකද මමත්,මගේ පියාත්,මගේ බිරිදත් ඇතුලු පවුලේ බොහොමයක් පිරිස ගුරැභවතුන්.ගුරැ සටන දිනේවා.

:       3       6

chandanaThursday, 21 October 2021 09:15 AM

වැදුම් පිදුම් බලෙන් ලබාගත නොහැක. පූජාවට සුදුසු විය යුතුය. අපගේ කාලයේ ගුරුවරුන් ඒලෙස පූජාවට සුදුසු වූ බැවින් අප ගුරුවරුන්ට වැන්දා සේ අපි අපේ දරුවන්ටද වදින්නට බල කෙරුවෙමු. ඒසේ වුවත් ඒසේ වැදුම් පිදුම් ලැබීම් අහිමි වන විපරීත කාලය දැන් ඇරඹෙමින් අති බව පැහැදිලිව කිව හැකිය. ඔබගේ සටන් පාඨය අුනුව මාගේ දරුවා ඔබගෙන් අධ්‍යාපනය ලබන අයෙක් වූයේ නම් මා මාගේ දරුවාට උගන්වන්නේ ඒවැනි අයකුට වැඳිය යුතු නැති බවයි. ඒයට හේතුව වන්නේ ඔබව ආදර්ශයට ගන්නා මාගේ දරුවා පාසැල් වියේදීම වර්ජන ආදර්ශයට ගෙන කාලකන්නි ජීවිතයක් උරුම වීමට වැඩි ඉඩක් ඇති බැවිනි. තත්වය තනතුරු නාමයෙන් නොරැකෙන බවත්, තත්වය රැකෙන්නේ ඒම තනතුරේ සිටින පුද්ගලයාගේ ක්‍රියාකලාපය මත බවත් මා ඔබට කියා දෙමි. ඔබ මෙය දකින්නේ නම් කරුණාකර ගුරුවරයෙක් වූ ඔබගේ පියාණන්ටද පෙන්වා අදහස් විමසා බැලීම සුදුසුය.

:       2       2

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 20 October 2021 01:13 PM

ගුරුවරුන්ට ලැබෙන්නෙ හරිම සොච්චන් පඩියක්...පුටුවල ඉදගෙන සිතකාමරවලට වෙලා මිලියන ගනනින් පඩි ජනතා ජනතා දනය විනාශ කරන මොන තරම් පිරිසක් මේ රටේ ඉන්නවද....? එහෙම බලද්දි ගුරුවරුන්ගෙ ඉල්ලීම සාධාරණයි....හැබැයි ඔවුන් ඒ ඉල්ලීම වෙනුවෙන් විරෝධය පාන්න පුංචි අසරණ ළමයින්ව යොදාගත්ත එක්ක තමයි ඔවුන් කරපු ලොකුම අපරාධය.....මේදෙයන්උනේ ඔවුන්ගේ ඒ සාධාරණ ඉල්ලිමේ වටිනාකම දියාරු වීම....මම හිතන්නෙ මීට වඩා බුද්ධිමත් අයුරින් ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න තිබුණ...අද වෙද්දි බොහෝ ලමයින්ගේ වෛරයක් ගමන්ට සිප් සතර උගන්වපු ගුරුවරුන් කෙරෙහිඇති වෙලා...අවසානයට බලද්දි පාලකයන්ටත් ඕන කලේ මේ දෙයම තමා.... මෙහෙම ගියොත් මම හිතන්නෙ නිදහස් අධ්‍යාපනයටත් කණකොකා හඩන දවස වැඩි ඈතක වෙන්නෙ නැති වෙයි... මොකද ගුරුවරුන් ගන්නා මේ මොඩ ක්‍රියාමාර්ගවලින් පෞගලික පාසැල් දහස් ගනනින්මේ රටේ ඉදිරියෙදි ඇති වෙන එක නවත්වන්න කාටවත්ම බැරි වේවි...

:       0       2

RaveendraWednesday, 20 October 2021 02:19 PM

ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉතා සාධාරණය. එහි කිසිදු තර්කයක් නැත. (ඇත්ත වශයෙන්ම ගුරුවරුන්ට ඉහලම වැටුපක් ලබාදිය යුතුයි යන්න අපගේ පුද්ගලික අදහසය).එමගින් අනාගත පරපුරට නිසි ප්‍රයෝජන ලබාගත හැකිවේ යන්න අපගේ අදහසයි.මෙම සංගම් නායකයන් වන "ස්ටාලින් සහ ජයසිංහ ඇතුළු බුරු නඩය" ගුරුවරුන්ගේ සැබෑ සටන දියාරුකර, නන්නත්තාර ඇත්තේ එක එක දේශපාලුවන්ගේ රෙද්ද අස්සේ රිංගා ගැනීම නිසා බව හොදින්ම පැහැදිලිය.රාත්තලම ඉල්ලීම මගින් එය මනා ලෙස පැහැදිලිය. (එසේ රාත්තලම දුන්නත් ඊළගට "1948" සිටම හිගමුදල් ඉල්ලනු ඇත).. මේ නායකයන් යයි කියනා "බුරුරැලට" දැන් සිදුවී ඇත්තේ යන එන මං නැති දේශපාලුවන්ගේ අණට කීකරුව නැටීම හැර ගැටලුවට සැබෑ විසදුමක් ලබාගැනීම නොවන බවත් පැහැදිලිය.අනිත් වැදගත්ම කාරණය නම් මුළු රටම අපහසුතාවයට පත්වී ඇති මොහොතේම මෙසේ වර්ජන,උද්ගෝෂණ කිරීමට තරම් මේ ගුරුවරු අග්ඥානවීම කනගාටුවකි. එමගින් ගුරුවරුන්ට මුළු සිසු පරපුර මෙන්ම මුළු සමාජයද වෛර කිරීම කෙසේවත් වැලැක්විය හැකිද යන්න ගැටලුවකි.මෙම අදහස් ගුරු සංගම් නායකයන් යයි කියන බුරු රැලට කියවීමට හැකි වේවා....

:       2       2

naleen Wednesday, 20 October 2021 01:41 PM

දෙස්පාලුවා තුල සැගවී සිටින මී හරකා එලියට ගැනීමට නම් මයික්‍රෝපෝන් එකක් මූ නට ඇල්ලීම ප්‍මාණවත් ය . දැන් ඕක ඇති මාස දෙකක් වර්ජනය කරන්න . .දෙපැත්තේ උන්ගේ ලොකුකම් නිසා රටේ අධ්‍යාපනය විනාශ වන හැටි

:       0       0

මහජනයා Wednesday, 20 October 2021 01:52 PM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 (මාස 3 1/2) ඉක්මවා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තබා ඇත. මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.

:       1       0

මහජනයා Wednesday, 20 October 2021 01:53 PM

මෙම අරගලය සාධාරණීය කරනුයේ, "ගණිත, විද්‍යා, තාක්ෂණික" විෂයන් සඳහා දක්ෂ ගුරුවරු සොයාගැනීම පවතින වැටුප් තල යටතේ අපහසු බවයි. මේ බව වාර්ෂික විද්‍යා පීඨ බදවාගැනීමේ ලකුණු විශ්ලේෂණයෙන් දැක ගත හැක. සෑම ගුරුවරයකුම එකම වැටුප් තල වල තබා වැටුප් වැඩි කලද ඉහත ගැටලුව නොවිසදේ. මෙම ගැටලුව නිවැරදිව විසදීමට නම් උගන්වන විෂය, අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ කුසලතා (ගෝලයන්ගේ විභාග ප්‍රතිඵල) අනුව තාක්ෂණිකව විශ්ලේෂණය කර නව වැටුප් තල හදුන්වා දිය යුතුයි. සේවා කාලය පමණක් සලකා යොදන පැලැස්තර විසදුම් නිසා කිසිදා සත්‍ය ගැටලුවට විසදුම් නොලැබේ. රජය කල යුත්තේ නිවැරදි ගැටලුව සමාජ ගතකර එයට නිවැරදි විසදුම් ක්‍රමවත්ව ලබාදීමට උත්සහ කිරීමයි.

:       0       0

Sriland Wednesday, 20 October 2021 02:24 PM

අවුරුදු 2ක් පාසැල් වහලා බටහිර බෙහෙත් විකුණගන්න මාර්කට් එක හදලා දැන් බොරුවට පඩි කපන්න හදනවා .අදටත් බොරු ප්‍රශ්නයක් අල්ලන් පාසැල් අරින එක පරක්කු කරනවා. ඔය හැමදේකටම පිටුපස ඉන්නේ ඔන්ලයින් ඉන්ටර්නෙට් කම්පැනි .පාසැල් ඇරියොත් ඔන්ලයින් වලට එපාවෙනවා .එකයි ඔය ගුරු හොරු සහ ආණ්ඩුව එකතුවෙලා මේ බොරුව ජනතාවට කරන්නේ

:       0       0

ලලිත් අම්බලන්ගොඩගේ Wednesday, 20 October 2021 02:56 PM

ආණ්ඩුකාරතුමනි,ගුරැවරැන්ගේ කෂේරැව කඩන්න ලැහැස්ති වෙන්න එපා.එසේ කලහොත් ජාතියේ කශේරැව කැඩෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 92 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 171 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 416 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 587 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 237 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 491 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site