IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘‘අපි අනවසරයෙන් ඉඩම් අල්ලා ගත්තේ නෑ‘‘

(දයාරත්න ඇඹෝගම)

වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නුවරවැව ආසන්නයේ පදිංවිව සිටින තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බව නුවරවැව අවට ඉඩම් සුරකිමේ සංවිධානයේ සභාපති ඩි.එම්.ජයසිරි මහතා  අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.

අනවසර ඉදිකිරිම්වලට ලක්ව ඇති දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවලට අයත් වැව්වල රක්ෂිත මායිම් කිරිමේ ජාතික උත්සවය ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර,නුවරවැවේදි  ආරම්භ කෙරැණි.

ඒ අනුව අනුරාධපුර නුවර වැව රැක ගැනීමේ ව්‍යාපෘතිය යටතේ වැව් රක්ෂිතය නිර්ණය කර ඒ සඳහා සීමා මායිම් දැමීමේ කටයුතු මෙදින ආරම්භ කෙරැණි.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නුවරවැව් රක්ෂිතයේ ඉදිකොට ඇති සියළු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි.

දේශපාලන බලය පෙන්නලා අනවසරයෙන් ඉඩම් අල්ල ගත්තා  කියලා කතාන්දරයක් මෙතන නැහැ.අපේ පරම්පරා තුනක් මේ ප්‍රදේශයේ ගොවිතැන් බත් කරගෙන කාලයක් තිස්සේ මෙතන හිටියා.

රජයෙන් ඉඩම් මැනලා ඔප්පු දුන්නා. අපි මේ ඉඩම් ඔප්පු පළාත් පාලන ආයතනවල අනුමැතියෙන් දිසාපතිතුමාගේ අවසරයෙන් බැංකුවලට උගස් කරලා මුදල් නයට අරන් තමයි මේ ගෙවල් දොරවල් හදාගත්තේ.

අපේ ජිවිතේම කැප කරලා ආර්ථිකය යට කරලා තියෙන්නේ මෙතෙන්ට තමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අපට මේ ඉඩම් සදහා ජයභුමි,සවර්ණභුමි ඔප්පු ලබාදි තිබෙනවා.”

 



අදහස් (7)

‘‘අපි අනවසරයෙන් ඉඩම් අල්ලා ගත්තේ නෑ‘‘

RS Tuesday, 29 July 2025 04:51 PM

ජයභූමි, ස්වර්ණභූමි, ඔප්පුවලට බැංකු ණය දෙන්නේ නෑ දන්නා විදිහට නම්...

:       2       28

යෝගා Tuesday, 29 July 2025 05:07 PM

කලබල වෙන්න එපා. නිකන් ගැලරියට දෙන ෂෝ එකක් පමණයි. ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලේ ගලවන්නේ වැට් විතරනේ. ඔයගොල්ලොත් වැව පැත්තෙන් පොඩි වැටක් ගහලා තියන්න...

:       23       21

කව්ද බෝයි Tuesday, 29 July 2025 05:09 PM

ජය භූමි, ස්වර්ණ භූමි යනාදී නොයෙක් නම්වලින් සෑම ආණ්ඩුවකින් තම දේශපාලන පක්ෂවලට වැඩකරපු අයට මාතෘ භුමියේ අතිශය සංවේදී ස්ථානවලින් ඉඩම් ලියලා දීපු එක තමයි කලේ. පාලකයින්ට මොළේ නොතිබූ කාලයක් ඒක. ඔක්සිජන් කන්නද කියලා අහපු හරක් රැලක් රාජ්‍ය පාලනයේ හිටියා...

:       11       45

අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 06:12 PM

ජයභූමි, ස්වර්ණභූමි වගේ විකාර නම් දමාගෙන තමන්ගේ දේශපාලන ගැත්තටන්ට වැව්රක්ෂිත, වනරක්ෂිත හා දුම්රිය රක්ෂිත වගේ තැන්වල ඉඩම් සඳහා දීලා තියෙන්නේ තාවකාලික බලපත්‍ර නිසා... ඒවා ඕනෑම වෙලාවක අහෝසි කරන්න පුළුවන්, ඒ වගේම ඒවාට බැංකු ණය දෙන්නේ නැහැ. ඇත්තටම පදිංචියට ඉඩමක් නැති පවුල් වලට සුදුසු තැනකින් ඉඩමක් ලබාදී සියල්ලන්ම වැව් රක්ෂිත වලින් ඉවත් කරන්න කටයුතු කළ යුතුයි...

:       8       45

Nihal Dharmatileke Tuesday, 29 July 2025 06:46 PM

පොඩ්ඩක් ඉන්න මිනින්දොරු දෙපාර්තමේන්තුවෙන් මනිනකල්

:       0       0

fairoos Tuesday, 29 July 2025 06:52 PM

ඔප්පු තියනවා නම් මේ අයට වෙන සුදුසු තැනක් ලබා දෙන්න

:       0       0

Lalla Tuesday, 29 July 2025 09:08 PM

එක එක කණ්ඩායම බලයට ඇවිත් රටේ ඉඩම් තමන්ට අයිති දේ වගේ බෙදල දීම නවත්තන්න ක්‍රමයක් ඕන නේද? අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉඩම් ඇමති කෙනෙක් කට්ටිකර බෙදල දුන්න මතකයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site