(සුජිත් හේවාජුලිගේ)

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතය

විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ගන්නා දත්ත හා තොරතුරු මත පදනම්ව තක්සේරුව තහවුරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව මෙම අවසන් පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටු වාර්තාව නිකුත් කරන බව ආරක්ෂක අමාත්‍යංශය  කීය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද  තක්සේරු වාර්තාව, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිව රජය මෙහෙයවන විධිමත්  රාමුවක් යටතේ සකස් කෙරෙමින්  පවතී

ඒ මඟින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු වූ දේපළ හානි, ආර්ථික බලපැම සහ ප්‍රතිසාධන අවශ්‍යතා ගැඹුරින් ඇගයීමට ලක් කිරීම  කෙරෙනු ඇති.