(ටී.කේ.ජී.කපිල )

රුපියල් දෙකෝටි හැත්තෑ හය ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(09 ) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු 27 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි .

ඔහු අද  අලුයම 12.10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 762 ක ප්‍රමාණය පැකැට් 06 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබුණි .