IMG-LOGO

‘කුෂ්‘ සමඟ විදේශිකයින් තිදෙනා ගුවන්තොටෙිදී අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු  අද(07)  අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මෙසේ අත් අඩංගුවට ගෙන ඇති සියලුම ගුවන් මගීන් ඉන්දීය ජාතික ව්‍යාපාරිකයන් වන අතර , ඔවුන් අතරින් 42 හැවිරිදි එක් අයෙකු පිරිමි පුද්ගලයෙකු වන අතර ඉතිරි 43 හැවිරිදි සහ 22 හැවිරිදි දෙදෙනා කාන්තාවන් වේ .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 160 ක ප්‍රමාණය , පැකැට් වශයෙන් සකස් කර , ඒවා ගුවන් තොටුපොළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීම් වලදී මගහැරීම සදහා කාබන් කොළ වලින් ආවරණය කර , සගවා ගෙන මෙරටට පැමිණ තිබුණි .

 

 



අදහස් (3)

‘කුෂ්‘ සමඟ විදේශිකයින් තිදෙනා ගුවන්තොටෙිදී අල්ලයි

දීපාල් Thursday, 07 August 2025 09:01 AM

ඔය ගේන 10ක්ට එක්දිනක් තුල ප්‍රසිද්දියේ මරණ දඬුවම ලබා දුනහොත් සියළුම මත්ද්‍රව්‍ය ප්‍රශ්න විසදා ගත හැකියි... ඕක නොකරනකම්

:       0       3

maalaka Thursday, 07 August 2025 09:07 AM

ඉතා සතුටුයි මේ අය අහුවෙන එක ගැන. ස්තූතියි සියලුම නිලධාරීන්ට, ඔත්තූ සපයන අයට වගේම වත්මන් දේශපාලකයන්ට. පසුගිය කාලේ කොයිතරම් අපේ සහෝදර සහෝදරියන් විනාශ කරන විෂ මත්ද්‍රව්‍ය රටට ඇතුල් වෙන්න ඇත්ද . විනාශකාරී, දූෂිත දේශපාලකයින් සදහටම පිටුදකින්න

:       0       4

Bunny Preena Thursday, 07 August 2025 10:44 AM

මොන විදියකින් හරි සල්ලි හම්බ කරලා ඉක්මණින් පොහොසත් වෙන්ඩ මාන බලන සමහර අයට සාධාරණත්වය, සදාචාරය, ආත්ම ගෞරවය සහ තම මව්බිමට ගෙන දෙන අපකිර්තිය ගැන කිසිම තැකීමක් නැති ගානයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site