‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන රාත්‍රිය හතර වැනි වරටත් ටාජ් සමුද්‍රා හෝටලයේදී අද සවස් වරුවේ පැවැත්වෙන බව  එම්.යු.ජී.පී ඉන්ටර්නැෂනල් ඔර්ගනයිසේෂන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් මාධව මහතා පවසයි.

ව්‍යාපාර, මාධ්‍ය, සමාජ, මාධ්‍ය කලාකරුවන් සහ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි  පැවැත්වෙන ඒෂියා මිරකල්  සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ  එම්.යූ.ජී.පී ඉන්ටර්නැෂනල් ඔර්ගනයිසේෂන් ආයතනය විසිනි. 

දිවයිනම ආවරණය වන පරිදි  සිදු කළ ජාත්‍යාන්තර මට්ටමේ සමීක්ෂණයකින්  මෙම සම්මාන උළලේ  ජයග්‍රාහකයන් තොරාගත් බව එමි විධායක අධ්‍යක්ෂවරයා පැවැසීය.