(යොහාන් භාසුර)
ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කිරීමේ රැකියා දෙන්නේ යැයි ‘ෆෙස්බුක්’ සමාජ මාධ්‍ය ජාලයේ දැන්වීම් පළකළ පුද්ගලයෙක් මහනුවරදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
උපාය දූතයෙකු යොදවා මහනුවර නරගයට අදාළ ජාවාරම්කරු ගෙන්වාගෙන කොටුකරගත් බවත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් එම රැකියා දෙන්නේ යැයි ප්‍රසිද්ධ කර තිබූ බවත් එම කාර්යංශය කීය.
මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd