ගම්පහ මිතුරන් පිරිසක් ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ද ආධාර උපකාර ඇතිව හබරණ පළුගස්වැව වේරගල ප්‍රාථමික විද්‍යාලයයේ සිසු සිසුවියන්ට නව වසරට අධ්‍යාපන උපකරන පරිත්‍යාග කළහ.
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන් පනස් දෙනකු ඉගෙනුම ලබන මෙම පාසලට ඇත්තේ කුඩා කාමර තුනක් පමණි. එක් කාමරයක කාර්යාලයය ද අනිත් කාමර දෙකේ පන්ති පහද පැවැත්වේ. ගමේ වැඩිදෙනෙක් වකුගඩු රෝගයෙක් පෙළෙති.
බීමට ජලය ගන්නේ පාර අයිනේ ඇති නල ළිදෙනි. වැසිකිළි පහසුකමක දී විදුහල්පති, ගුරුවරු සහ දරුවනට ද පාරේ නළ ළිඳෙන් වතුර ගෙන ඊට මීටර 100ක් පමණ දුරින් පිහිටි වැසිකිළි වෙත යෑමට සිදු වේ. පාසලේ ගුරුවරුන් සංඛ්‍යාව පහකි. විදුහල්පති මහින්ද සේනානායක මහතාය.
පාසලට පරිගණකයක් ද, වතුර ෆිල්ටර දෙකක් ද, එළඹෙන වසරට සිසු සිසුවියනට අවශ්‍ය පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, වතුර බෝතල්, බෑග් ආදිය බෙදා දුන් පිරිස එම ගමේම සිටින ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 15 දෙනකුට ද අවශ්‍ය අධ්‍යාපන උපකරණ පිරි නැමූහ.
ගම්මානයේ අඩු ආදායම්ලාබී පවුල් පහකට වියළි ආහාර දුව්‍ය හා අවශ්‍ය උපකරණ ද පිරිනැමූහ.
ඉන්දික ප්‍රසාද්ගේ අදහසකට අනුව සංවිධානය කළ මෙම වැඩ සටහන පළුගස්වැව වේරගල විහාරාධිපති මාරඹේ පාලිත හිමියෝ සම්බන්ධීකරණය කළහ.
හොරිවිල වෛද්‍ය ශාන්ත සෙනවිරත්න මහතා ද මේ අවස්ථානට පැමිණ සිටියේය.
(ඡායාරූප වීඩියෝ ශ්‍රීමාල් ප්‍රියංජන සහ කාංචන කුමාර ආරියදාස)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පුවත් අස්සේ කසාය බීපු ගොළුවා වගේ ඉන්නකොට මෙන්න හිතට සතුට දනවන පුවතක් මම දැක්කා . (ස)
අපිට හරිම සතුටුයි. මේ දරු පැටවුන් ගේ සතුටු මුණු බලන්න ලස්සනයි . ! (ස)
ගමිපහ ෆේස් බුක් මිතුරනි, වපර ඇහින් බලන අයට හොඳ පාඩමක්. ඹයාලට තුති. (ස)
මේ යහපත් සමාජ සේවකයන්ට තෙරුවන් සරණයි ! මේ දේවල් පෙන්වා අපේ සිත් සතුටු කරන ලන්කාදීපයටත් ස්තුතියි. ! (ස)
බැබළෙන්නට නොව බැබළවීමට දරනා ඔබගේ අවංක උත්සාහයට මගේ ප්‍රණාමය! (නි)
ලක්මව තුරුලේ ලක් මැනිගේ ගුණ තියෙන ,... සොදුරු සිත් පිරුණු දරුවන් ඇත තවම....රට රක ගන්න දිරි දෙන නුබලා ගැනම.....තිස්තුන් කෝටියක් දෙවියනි දෙනු වරම!.... (ස)
මිතුරන්ගේ ලොකු පින්කමට එස්තුති.මෙවෙනි පින්කම් තව දුරටත් බලාපොත්තු වෙමි.(ස)
මේක හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න. මාත් උදවු කරනවා. ආයෙත් වැඩක් කරනකොට මටත් කියන්න (නි)
ගොඩක් හොද වැඩක් (දිල්)
අගය කරන්න ඕන මේ වගේ දේවල් තමයි (නදී)
අද කාලේ අහන දකින තියෙන දේවල් වල හැටියට මේ ඔයගොල්ලෝ කරගත්තේ ලොකු පිනක් (නදී)
ඔබ සැමට යහපතක්ම වේවා. හැදු වඩු දෙමව්පියන්ට ආඩම්බරයක් ඔබ සැම!. (ස)