ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ තරුණියන් රවටා විවාහ කරගන්නා බවට පවසමින් ඔවුන්ගේ රන්භාණ්ඩ හා මුදල් වංචා කළැයි කී පුද්ගලයකු වවුනියාවේ දී බදාදා (23) වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනය ප‍්‍රදේශයේ තරුණයකු වවුනියාව ඊච්චන්කුලමේ තිස්හැවිරිදි තරුණියක විවාහකර ගන්නා බවට පවසා මුදල් හා රන්භාණ්ඩ රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනවාරි 03 වැනිදා වවුනියාව පොලිසිය වෙත ලැබුණ පැමිණිල්ලක් ලැබිණි.
පොලිසිය මාස ගණනක් යාපනයේ සෝදිසි කොට පසුව වවුනියාව පොලිසිය විසින් උපායධූතයකු ලෙස කාන්තාවක් යොදවා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සැකකරු සම`ග මිතුරුවී තිබේ.
පසුව කාන්තාව හා විවාහවීමට සැකකරු කැමති බවත් තමන් වවුනියාවට පැමිණෙන බවට කාන්තාව පවසා ඇති අතර එය පොලිසියට දැණුම්දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු විසින් දීර්ඝ කාලයක සිට ෆේස්බුක් සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ කාන්තාවන් රවටා විවාහ වන බව පවසමින් මුදල් හා රණ්භාණ්ඩ සොරාගෙන ඇති බවට විමර්ශණය වලින් අනාවරණය වූ බවත් සොරාගත් රුපියල් ලක්ෂ පහකට ආසන්න රන්භාන්ඩ පවුම් 15 පමණ සොයාගත් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකරු යාපනය, වැල්වැටිතුරෙයි උ`ඵප්පිට්ටි ප‍්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකු වන අතර ඔහු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆේස්බුක් පෙම්වතා වව්නියා පොලිසියේ
නිමල් රාජපක්ෂ Friday, 25 March 2016 07:19 PM
ඔහුගේ නම හෙළිකරන්න. එය මෙවන් වංචා වලින් ඉදිරියට බේරීසිටීමට උදව් වේවි (නි)
නිමල් රාජපක්ෂ Saturday, 26 March 2016 04:45 PM
මෙවන් අයට රැවටුණ අය තවත් ඇත. මම දන්නා හඳුනන ළමයෙකුටත් සිදුවෙලා තියනවා. ඔහු තවමත් මුහුණු පොතේ පෙම්වතාගේ චරිතය රඟපානවා (නි)