ෆේස් බුක් අන්තර් ජාල සමාගම් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවෙන් තහනම් කරන්නේ දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නැගුවේය.
එවැනි අදහසක් කිසි සේත්ම රජයට නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
මහින්ද රාජපක්ෂ ජනපති පානදුර සුමංගල බාලිකා විදුහලේ දී කළ කතාවකින් කියැවුණේ ‘ෆේස් බුක් අපටත් වසංගතයක්,දරුවන්ටත් වසංගතයක්.අපිට මේක තහනම් කරන්න පුළුවන්.ඒකට ක්‍රම තිබෙනවා.නීතීයෙන් මේවා කරන්න පුළුවන් කමක් නෑ.ඒ නිසා ෆේස් බුක් විශ්වාස කරන්න එපා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා නරකද ලංකාවේ නීති පද්ධතියට නව නීති සහ දඩුවම් ගාස්තු සහ දඩුවම් වැඩි කිරීම? විශේෂයෙන්ම දඩුවම් වල මුදල් ප්‍රමාණයවත් දරාගන්න බැරි විදියට වැඩි කිරීම? (නි)
මට අවුරුදු 40 ක් වෙනවා. තාම අපේ අම්මා මට ෆේස්බුක් යන්න දෙන්නේ නැහැ (නි)
මටත් තියනවා එකවුන්ටි එකක්,නමුත් මමනම් හරි කෙමති මේක තහනම් කරනවානම්, අපි ,පෞද්ගලික දේවල් ඔක්කොම මේකේ දන්නේ,මෙයාල ඇත්තටම මේක නමේ තේරුමවත් දන්නේ නැතිවතම මේක පාවිච්චි කරන්නේ(දිල්)
අපේ කාන්තාවෝ එහෙදි කාමුක අතවර වලට ලක්වෙනවා. ජනාධිපති ඒ ප්‍රශ්නයේදී අසරණ වී දැන් ෆේස්බුක් ගැන දුක් වෙනවා. කාට කියන්නද? (අ)
ඉතින් හරි ක්‍රමයට පාවිච්චි කළා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)
දැන් කෙල්ලන්ට වැඩිය ෆේස් බුක් ඉන්නෙ විදේශ රට වල රැකියා කරන අම්මලා.... (ස)
ෆේස්බූක් එකෙන් රටේ සංස්කෘතිය උඩි යටිකුරු කරන්න, පිටරට සිට රට පෙරළන්න බලා සිටින අයගේ දේශීය නියෝජිතයෝ හොදටම කලබල වෙලා ඇති. (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ. ආදම් සහ ඒවගේ කාලේ ඉදලාම මේ ෆේස් බූක් තිබුනද?මොකද?ඒ දෙන්නත් වැරදි වැඩක්නේ කළේ (නි)
නයන, ෆේස් බුක් එකෙන් ගොඩක් අයගේ හොර වැඩ ගැනත් ප්‍රසිද්ධියේ කතා වෙනවා නේද? (නි)
හේමන්ත,ෆේස් බූක් වලට වැඩි විනාශයක් අර ගෙනාපු මෙතලින් කන්ටේනර් දෙකේ තිබුණා.ෆෝමලින් කන්ටේනර් දෙකේ තිබුණා.කුඩු කිලෝ එකසිය ගානේ තිබුණා.ඒවට මොකද වුණේ? (නි)
අපිත් මෙය පාවිච්චි කරනවා. ඒ වුණාට බලන්න එය හරහා කොච්චර කැත වැඩ කරනවද? අහිංසක ළමයි කී දෙනෙකුගේ චරිත ඝාතන කරලා ඇද්ද? තහනම් කරලා වැඩක් නැහැ. එය පාලනය කරන්න විදියක් හොයා ගන්න ඕනෑ. (නි)
අනික අපේ ඉතිහාසයේවත් නැති ,දේශප්‍රේමියෝ ,ජාතිමාමක අය පුදුම විදියට ඉන්නවා මේකේ. තමන්ගේ දේශපාලන පක්ෂයට ගිහින් ඡන්දෙ දෙන්නේ නැහැ. ෆේස් බුක් එක හරහා පක්ෂය වෙනස් කරන්න යනවා. අම්මට ,තාත්තට උදව් කරන්න බැහැ. ෆේස් බුක් ඇවිල්ලා ලෝකය වෙනස් කරන්න හදනවා (නි)
ජනාධිපතිතුමන් කළ කථාවෙන් කියැවෙන්නේ නැහැ මුහුණු පොත වහනවා කියලා. නමුත් අහන්න රට ගැන ප්‍රශ්ණ නැතුවාටද දන්නේ නැහැ මේවා අහලා තියෙන්නේ? මුහුණු පොතේ හොද පැති තිබෙනවා. ඒ වගේම එය නරකට භාවිතා කරන්නොත් ඉන්නවා. එහි හොද පැත්ත දකින්නේ නැතුව වැරදි පැත්ත පමණක් දකින පිරිස් ඉන්නවා. මෙහිදි දෙමවිපියන් තමන්ගේ වගකීම ඉටු කරන්න ඕනෑ. දෙමවුපියන් මේ ගැන දැනුවත් විය යුතුයි. (නි)
ඇෆ්ගන් නිමල් , කවුද කිවුවේ ඔයා පොඩි මිනිහෙක් කියලා? ලොකු මිනිස්සු හිතන්නේ ඔයා වගේ තමයි. ඔයා ලොකු මිනිහෙක් (නි)
ටිකිරි බණ්ඩා හැමදාම අහන්නේ මොකද වුණේ කියලා. හැමදේම දන්නා මනුස්සයා අපෙන් ඕවා අහන්න ඕනෑද? (නි)
ෆේස් බුක් තහනම් කරන්න එපා මංගල මොනවා කියයිද දන්නේ නැහැ(නදී)
මේ ප්‍රවෘත්තිය දකින කොට බඩවැල් එලියට එන තරමට හිනා වෙන්න පුළුවන්.(නදී)
ජනාධිපති තුමාගේ කතාව සම්පුරුන ඇත්ත. සියයට පනහක වත් දරුවන් මේ නිසා නෙමග ගිහින් තියෙනවා.(නදී)
සමන්ත, ඒක තමයි ඔයා තාම තනිකඩ වෙලා ඉන්නේ. (නි)
තවත් තහනම් කරන්න වෙබ් අඩවි තිබෙනවා (නි)
ජනාධිපතිතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත. සියයට පනහකවත් දරුවන් මේ නිසා නොමග ගිහින් තිබෙනවා (නි)
මිනිපේ, මේ අවුරුද්දෙ ඉදලා හොයන්න ගන්නවා කිවුවා (නි)
ලංකාවේ සිදුවෙන අපචාර, ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, වංචා, බාලාපරාධ, හොරමැරකම් සහ මහජන නියෝජිතයන් පාසල් වලට පැමිණ ගුරුවරුන්ට උපහාර දක්වන ආකාර දෙස බලනකොට ෆේස් බුක් එකෙන් ලොකු විනාශයක් වෙනවා කියන එක පිළිගන්න පුලුවන්ද? (නි)
දෙමව්පියන්ගේ අතේ තමා තියෙන්නේ අපි එංගලන්තේ ඉදලත් අපේ දරුවන්ට අවරුදු 18 වෙනකම් ඔය වෙබ් අඩවියට යන්ඩ දුන්නේ නෑ. (ත)
මේ නිසා සමාජයට යහපතක් වෙන්නත්, අයහපතක් වෙන්නත් පුළුවන්. එකිනෙකාගේ මානසික මට්ටම අනුව ඒ දේ තීරණය වෙන්නේ(නි)
ලංකාවේ බොහෝ අවුරුදු 16 ට අඩු ළමයින් තමා දැන් ෆේස් බුක් පාවිච්චි කරන්නේ . දෙමව්පියන් දන්නේ නැහැ මොනවද ළමයින් අතර හුවමාරු වන්නේ කියා. මෙය නිසා අඩු වයසේ ළමයින් ලිංගික ක්‍රම වලට ඇබ්බැහි වීම වෙනත් අය අතින් ලිංගික කරදර වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා (ත)
දරුවන් පමණක් නොවෙයි ලොකු මිනිස්සුත් ෆේස් බූක් නිසා මරාගෙන තියෙනවා.තහනම් නොකළත් කුමක් හෝ විසදුමක් ඕනෑ ජනාධිපතිතුමනි. (නි)
පරණ සිවිල් සමාජයේ තිබුණු සම්මත අපරාධ අතරට ෆේස්බුක් අපරාධත් එක්වී තිබෙනවා.ඒක අපේ රටට අලුත් දෙයක්. මේක අප රටට විතරක් පොදු දෙයක්ද නොවේ. තරුණ ළමයින් මෙයින් නොමග ගොස් තිබෙනවා.අද වෙනකොට ඇතැම් ෆේස් බුක් ගිණුම් හිමියන් පවා කියන්නේ මෙය මහා වදයක් බවයි. (නි)
අනේ! පුළුවන් නම් ඔය ටික අපිට කරලා දෙන්න (නි)
ෆේස්බුක් තහනම් කරන්නම ඕනෑ. (නි)
ෆේස් බුක් එකෙන් ගොඩක් අයගේ හොර වැඩ ගැනත් ප්‍රසිද්ධියේ කතා වෙනවා නේද? (නි)
සැම එකක්ම තහනම් කරන්න ඕනි (දිල්)
ෆේස් බුක් වෙනුවට අපිට පුළුවන් වෙන්න ඕනේ අපේම රටේ දෙයක් හදාගන්න. එටකොට අපිට පුළුවන් වෙනවා එක අපේ රටට ගැලපෙන විදිහට පාලනය කරන්න. (දිල්)
පේස්බුක් තහනම් නොකළ යුතයි.පේස්බුක් කියන්නේ මෝඩයන් වෙනුවෙන් සකස් කරන ලද්දක්.ඒ මොනවා වුනත් ජාලයේ නිදහස තිබිය යුතයි.ළමයි ගෙන් මෙය වෙන් කරන්න හොද නැ.නීති දමන්න ඕන නැ.එහි ඇති බයානක කම් දෙමාපියන් හා ගුරුවරුන් ළමයිනට අවබෝද කර දෙන්න ඕන. මතක තබා ගන්න වැඩිහිටියනට, ළමුන් කෙරහි ඇති වගකීම් ඉටු කරන ලෙස බලපෑම් කල යුතයි. (අ)
සජිගේ කතාව හරි එංගලන්තේ උනත් ලංකාවේ එහෙම වෙන්නැහැ කියල වැඩක් නැහැ බහුතරය කැමතිනේ මේ යන ක්‍රමයට අපි වගේ පොඩි මිනුස්සුන්ගේ අදහස් වැඩක් නැහැ.(අ)
මේක තහනම් කළොත් හෝ සිමා කළොත් ඒකත් ඇති විපක්ෂයට කරුණක් කරගන්න. හොඳක් කළත් නරක විදියටයි දැන් පෙනෙන්නේ විපක්ෂයට. (නි)
ශ්‍රි ලංකාවේ මත් කුඩු උවදුර අවසන්ය, මත්පැන් දුම්වැටි පානය නවතා තිබේ, හොර හතුරන් කප්පම්කරුවන් නොමැත, මහජන නියෝජිතයන් දසරාජ ධර්මය අනුව රට පාලනය කරති, කාන්තාවකට ඕනෑම රාත්‍රියක කරදරයකින් තොරව මහමග ගමන් කළ හැක, ස්ත්‍රී දුෂකයන් නොමැත, මිනිසුන් අමු අමුවේ මහමග මරාදැමීම් සිදු නොවේ. ඡන්දය වෙනුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ නැත... එනිසා ශ්‍රී ලංකා සමාජයට බලපා ඇති එකම ගැටලුව වන ෆේස් බුක් තහනම් කළ යුතුමය. (නි)
රටේ සිද්ධ වෙන සත්‍යය ඇතුළු සියළු දේ මොහොතින් මුළු ලෝකයම මේ හරහා දැන ගන්නවා. (නි)
මම හිතන්නෙ රටේ ළමා අපචාර, ගණිකා ඇසුර, ස්ත්‍රී දුෂණ, මුදල් වංචා, සාමාන්‍ය ජනතාවට සිදුවන ශාරීරික තාඩන පීඩන ඉහළ යාම මේ සියල්ලක් දුර්ජනකාමී දේවල් මේ මිතුරු සමාජය හරහා සිදුවේයැයි කියනවාද? අර මොකටද කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ කිවුවලුනේ. (නි)
රටේ ඉන්න බත් කන අයගේ නම් මොළ අමුතුවෙන් හදන්න දෙයක් නැතිවුණත් ෆේස් බූක් වලින් තොරතුරු සොයා යන අපේ මොළ වෙනස් කරන්න නම් ටිකක් අමාරු වෙයි (නි)
රනිල් මහත්තයත් අහන්නේම ඔය වගේ ප්‍රශ්න තමයි. (නි)
මුළු ලෝකයේම අයගෙන් 90% මේ හා සම්බන්ධ වෙලා ඉන්නේ. ලංකාවේ ඉන්න දෙමව්පියන්ට අන්තර්ජාලය ගැන නොදන්නා නිසා වෙන දේවල් වලට වෙබ් අඩවි වහලා වැඩක් වෙනවද?මේ වෙබ් එක හැරුණුකොට තව කීයක් තිබෙනවද? මේ වගේ ඔය සියල්ල වහන්න නම් ලංකාවෙන්ම අන්තර්ජාලය තහනම් කරන්න වෙයි.ප්‍රශ්නය අවසානයිනේ (නි)
කරුණාකරලා ෆේස් බුක් එක නවතන්න එපා මොකද දන්නවද අපි ආණ්ඩුවට විරුද්දව සාධාරණ දෙය අගය කරන්න තින්නේත් අසාධාරණ වැඩ පෙන්වන්නත් තියෙන එකම මග මේ (දිල්)
ඊට කලින් අර කැසිනෝ තහනම් කළොත් හොද නැද්ද? (නි)
අපිට ෆේස් බූක් එපා. තහනම් කරන්න කරුණාකරලා (නි)
අඹ ගෙඩිය කපන පිහියෙන්ම තමා බෙල්ල කපන්නේත්. පිහිය අතේ තියෙන මනුස්සයා දැනගන්න ඕනෑ අඹ කපනවද, බෙල්ල කපා ගන්නවද කියලා (නි)
ෆේස්බුක් කියන්නේ මොකක්ද, ඉන් ගතයුත්ත මොකක්ද කියලා හදුනාගෙන ෆේස්බුක් පාවිච්චි කළාට වරදක් නැහැ (නි)
මේවා අහනකොට නටන ගමන් හිනා වෙන්න පුළුවන්. උතුරු මද පළාතේ වකු ගඩු රෝග, ඩෙංගු මදුරු බෝවීම,රතුපස්වල වතුර විස වීම, දියවැඩියා ව්‍යසනය, බඩු මිල ඉහල යාම, බඩගින්න, දුෂණය නවත්වන්නයි අපි ඡන්දෙ දුන්නේ නැතුව ඔබලාට ෆේස්බුක් යන්න නෙවෙයි.(දිල්)
ෆේස්බුක් වෙබ් අඩවියෙන් අපි නම් හොදහැටි ප්‍රයෝජන ගන්නවා. මම ෆේස්බුක් එකේ දැනට අවුරුදු 6කට වඩා වැඩි කාලයක ඉදලා ඉන්නේ. මම නම් ෆේස්බුක් හරහා ගොඩක් දේවල් ඉගෙන ගත්තා, මම පිටරටවල් වල සිටින විදේශිකයන් හදුනා ගත්තා. එයින් ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඕනෑ යැයි හැගුණා. අවසානයේ ඔවුන්ගෙන් දැනුම හුවමාරු කරගත්තා. විෂය කරුනක් නොදන්නේ නම් එය තව කෙනෙකුගෙන් අසා දැනගන්න පුලුවන්. නමුත් ඇතැම් පුද්ගලයන් සිදුකරන සුලු සුලු වැරදි වලින් ඔවුන් යම් වැරදීම් වලට හසුවන්නට පුලුවන්. මුහුණුපොත සැමවිටම හුදෙක් විනෝදයට වඩා විනොදයෙන් දෙයක් ඉගෙනීමට භාවිතා කරන්න. (නි)
ගරු ජනාධිපති තුමාගේ කතාව ඇත්ත. ෆේස්බූක් වසංගතයක් තමා. මම දන්නා ළමයි ඉන්නවා, කිසි රස්සාවක් කරන්නේ නැහැ, නමුත් ෆේස්බූක් හදාගෙන තියෙන සතෙත් ඉන්ටෙර්නෙට් කඩ වලට වියදම් කරගෙන, සමහර විට ණය වෙලත් ෆේස්බූක් නම් යනවා. (දිල්)
විපක්ෂ නායකය ඉන්නේ ලංකාවේ නොවෙයි වගේ . එයාට තියන ලොකුම දැවෙනම ප්‍රශ්නේ මේකද?(දිල්)
ෆේස් බුක් එකට වඩා වැඩි විනාශයක්, ළමුන් අතරේ ඇති ජංගම දුරකතනයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් තහනම් කරන්න පුලුවන්ද? මේවා පාවිච්චි කරන දරුවන් ගැන දෙමාපියන් මීට වඩා විමසිලිමත් වෙන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ. (නි)
පිහියකින් එළවලු කපන්නත් පුළුවන්,මිනිසුන්ව මරන්නත් පුළුවන්. මිනිසුන්ව මරනවා කියලා පිහි තහනම් කරනවා වගේ වැඩක් මේක. කළයුත්තේ සමාජය හොද මගකට ගෙනයාමට අවශ්‍ය කටයුතු සිදුකිරීමයි. (නි)
හැමෝම හොදට හිතලා බලන්න , වැරද්ද තිබෙන්නේෆේස් බුක් එකේද , නැතිනම් එය පාවිච්චි කරන අයගේද ? අතලොස්සක් වූ මානසික රෝගීන් නිසා වැදගත් ලෙස භාවිත කල හැකි වෙබ් අඩවියක් තහනම් කිරීමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද. මිනිසුන්ගේ මනස සංවර්ධනය නොකර නීති පැනවීමෙන් පමණක් නොමග ගිය දරුවන් යහමග ගත හැකිද.(දිල්)
නවීන තාක්ෂණය නිසා මෙවැනි වෙබ් අඩවි අවහිර කළද, එම වෙබ් අඩවි වලට ඉතාමත් පහසුවෙන් ඇතුළුවීමේ හැකියාවක් පවතී. උදා- (ප්‍රොක්සි සර්වර් භාවිතය) රටේ වැසියන්ගේ ආර්ථිකය හා ගුණධර්ම ඉහළ නැංවීම මගින් යහපත් සාමාජයක් ගොඩ නැංවිය හැකි අතර ෆේස්බුක් තහනම් කළහොත් ඒ වෙනුවට වෙනත් විකල්ප සමාජ වෙබ් අඩවි වලට ජනතාව යොමුවනු ඇත. ගූගල් ප්ලස් ජනප්‍රිය වෙමින් පවතින තවත් වෙබ් අඩවියකි. (නි)