
(සුජිත් හේවාජුලිගේ)
ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය ශ්රී ලංකාවට පරිත්යාග කර තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් පෞද්ගලික පරිහරණයට අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආපදා කළමනාකරණ අමාත්යවරයෙකු වන ඒ.එච්.එම්. ෆවුසි මහතා ශ්රී ලංකාවේ සමස්ත මහජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ඉල්ලයි.
ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හිටපු අමාත්යවරයා මෙම සමාව අයැදීම සිදුකර ඇති අතර, ඒ සඳහා ජාතික පුවත්පත්වල දැන්වීමක් ද පළ කර ඇත.
එම දැන්වීමේ අදාළ වාහනයේ ඡායාරූපයක් ද පළ කර තිබේ. ආපදා කළමනාකරණ මධ්යස්ථානය සතු WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්රාඩෝ රථය පෞද්ගලික ප්රයෝජනය සඳහා අවභාවිත කිරීම සම්බන්ධයෙන් තමන් ශ්රී ලංකාවේ ජනතාවගෙන් අවංකව සමාව අයැද සිටින බව හිටපු අමාත්යවරයා එහි සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd