සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්‍රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන පෙබරවාරි 21 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට අද (16) අභියාචනාධිකරණය තීන්දු කළේය.
ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් තුනක් කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය කළේය.
අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ විනිසුරු එස්. තුරෙයිරාජා මහත්වරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.
කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම, වරලත් ගණකාධිකාරී චානක දසනායක, විශ්‍රාමික මේජර් මනෝජ් නාලක මෙම පෙත්සම ගොනු කර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා පෙනී සිටි අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ,පුලස්ති රූපසිංහ , ඉරේෂ් සෙනෙවිරත්න, නිලුකා දිසානායක සහ එඩ්වඩ් අහංගම යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල්ෆේස් හෙල්මට් එකට මුහුණ පෙනෙන වයිසරයක් දැමිය යුතුයි. නැත්නම් පොලිසියෙන් අල්ලනවා. නමුත් මුළු මුහුණම වසාගත් ඇස් දෙක පමණක් පෙනෙන ගැහැණුන්ට අද කිසිදු තහනමක් නැහැ. (නි)
ෆුල්ෆේස් හෙල්මට් එකේ වටිනාකම දන්නේ එ්ක නිසා අනතුරකින් මුහුණ බේරාගත්තු මම වගේ පිරිසක් පමණි. මෙතන කොමෙන්ට් දාන සමහරු ජීවිතේට මොටෝසයිකල් පැදලා නැති අය වෙන්න ඇති. (බ)
කට්ටියට තව කාලයක් සෙල්ලම් දාන්න පුළුවන්. (නි)
ෆුල් පෙස් හෙල්මට් තහනම ක්‍රියාත්මක වුවහොත් කාන්තාවක සේ මුහුණ වසාගෙන මහා මග ගමන් කිරීමත් තහනම් කරනවාද? (හේ)