සාන්තුවරයකු ලෙස සැලැකෙන ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ දේහය 17 වැනි වරටත් නොවැම්බර් 22 සිට ජනවාරි 4 දක්වා ඉන්දියාවේ ගෝවේ නුවර ප්‍රදර්ශනය කරන බව ගෝවේ රදගුරු කියයි.
වසර 462 කට පෙර ස්පාඤ්ඤයේදී මිය ගිය සේවියර්තුමාගේ දේහය පෙන්වනුයේ දස වසරකට වරක් පමණි.සේවියර්තුමාගේ දේහය මුලින්ම මලක්කාවේ (උතුරු මලයාසියාවේ )තැන්පත් කැරිණි.
දෙවසරකට පසු නෝර්වේ පෘතුගිසි කොලණියට රැගෙන යනු ලැබුහ.මෙම දේහය ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ රාහුල හිමියන්ගේ යැයි ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන බව ජනප්‍රවාදයේ සඳහන්වේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙමටානේ උපන් රාහුලහිමියෝ ගත් කතුවරයකු , ජ්‍යෙති ශාස්ත්‍රඥයකු හා අයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් නම්දරා සිටියහ.
රාහුල හිමියන් විසින් ඇල්පිටිය අඹනඉදුරුගිරි ලෙනේදී අපවත්වීමට පෙර වළදන ලද බව කියන සිද්ධාලෝක රසය තෛලය නිසා දේහය නරක් නොවන බවත් දැලි රැවුල් වැවෙන බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.
1505දී පෘතුගීසි ආක්‍රමණියන් උන්වහන්සේගේ සිරුර විජයබා පිරිවෙනේ තැන්පත් කැර තිබු බවද කියැවේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයි මේ ගෙන එන කතා පුවතින් එය මානව පැහැදිලි වෙනවා,, මේක හරියටම කව්ද කියලා ඔප්පු කරන්න(දිල්)
මේ තොටගමුවේ රාහුල හිමියන් (නදී)
නොදිරා තිබෙන තවත් සාන්තුවරයින්ගේ දේහ ලෝකය පුරා තවත් ඇති (නි)
ජාන පරීක්ෂණයක් කලහම ඇත්ත දැන ගන්න පුළුවන්නේ.(නදී)
කට්ටිය දෙපිලට බෙදිලා ආගම ගැන වාද විවාද නොකර තම තමන් විශ්වාස කරන හා අනුගමනය කරන ආගම අනුව ජීවත්වෙන්න උත්සාහ කළා නම් තමා වටින්නේ (නි)
ගස්පෙගේ කතාවේ ඇත්තක් ඇති මමත් එහෙම අහල තියෙනවා. කොහොම උනත් පල්ලියේ කට්ටියට තියෙන්නේ කතාව ඇත්තද නැත්තද කියල පරික්ෂා කරලා ඔප්පු කරලා දාන්ඩ. (බ)
අය්යෝ කොහොමත් ඔය පරගැතියෝ කලේ. අපේ දෙවල් උන්ගේ වගේ පෙන්නපු එක තාමත් එහෙමම තමා.උන් ඔය පරීක්ෂණ වලට බයය් .මොකෝ දෙවියන් වහන්සේට පිස්සුහැදෙනවනේ..(බ)
මෙච්චර දියුණු ලෝකේ මේ කවුරුද කියල නිශ්චය කරගන්න ජාන පරීක්ෂාවක් කරලා බැලුවනම් හරිනේ. මෙයයි අරයයි කිය කියා කේන්දර බලන්නේ නැතුව. (නදී)
ජේසුස්තුමාගේ ආත්මයෙන් නැවත ඉපදෙන සෑම කෙනෙක්ම සාන්තුවරයෙක් බව ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙනවා. (නි)
සාන්ත සේවියර් මුනිතුමාගේ ජීවිත කතාව දන්න කෙනෙක් ඉන්නවද ඒක දැනගත්තොත් වඩාත් නිවැරදි තීරණයකට එන්න පුළුවන් ඩී එන් ඒ පරීක්ෂනයකුත් එක්ක හැබැයි කැපවීමෙන් තොරතුරු හොයන්න්න ඕන (බ)
දැන් ඔය කියන විදියට පෘතුගීසි සාන්තුවරයා ලංකාවෙන් ගියපු නැවක ද ගිහින් තියෙන්නේ? දන්නේ නැති නිසා අහන්නේ ඔය නව ගැන විස්තර එහෙම තියෙන පොත් තියෙනවද? එතකොට ඔය කියන සාන්තුවරයා ලංකාවට ඇවිත් තියෙනවද? (අ)
මේක නම් පුදුමයක් (නි)
මට මේ ගැන ප්‍රශ්න කීපයක් තිබෙනවා. සියල්ල අනිත්‍යය නම් මෙම සිරුරට ඒක අදාළ නොවෙන්නේ කොහොමද? සාමාන්‍ය බෞද්ධ සම්ප්‍රදායට අනුව අපවත් වූ පසු ආදාහනය කරනවා නේද? එසේ නම් මේ සිරුර ආදාහනය නොකළේ ඇයි? (නි)
මම අහල තියෙන්නෙ මෙහෙමයි රාහුල හිමියන් කුඩා කල මතකය වැඩිවන බෙහෙත බීල (අධි මාත්‍රාවක්:බොන්න ඔනෙ තණකොළ ගහක් අග බෙහෙතෙ ඔබල 7 වරක් ගස දමලලු.උන් වහන්සෙ බොතලයම බීල ) මරනාසන්න උනාලු.පස්සෙ බෙහෙත හදපු වෙද හාමුදුරුවො බෙහෙත් ඔරුවක විශේෂ ඖෂධ දාල රාහුල හිමියන්ව බේරගත්තලු.පස්සෙ කාලෙක උන් වහන්සේ ගල්ලෙනක භාවනා යෝගීව ගතකරන ගමන් අපවත් වුනාලු.පස්සෙ දේහය හොයාගන්නෙ පෘතුගීසීන්,මේ අයමේ නොදිරන සිරුර දැකල පුදුම වෙලා ශාන්තුවරයෙක්ගෙ සිරුරක් කියල අරන් ගියාලු...ඔක තමා මම අහල තියන විදිය.රාහුල හිමියන් එදා ජනතාවට කරපු සේවය නිසා ජනාදරයට පාත්‍ර වෙලා ඉන්න ඇති.ඉතින් ඒ නිසා පෘතුගීසින් උන්වහන්සේව ශාන්තුවරයෙක් ලෙස දැක්ක වෙන්නත් පුළුවන්(දිල්)
අපිටත් දැකගන්න වාසනාව ඇත්නම්..... (නි)
කෑගල්ලේද තොටගමුව කියන ගම තියෙන්නේ.? මම, හිතුවේ තොටගමුව තුළුන්නේ දකුණේ හික්කඩුව අසල ඇති ගමක් කියලා. දන්නවා නම් කරුණු පහදා දෙනු මැනවි. (නදී)
ශ්රී රාහුල හිමියන් සම්බන්ධව කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. බුද්ද දර්මය ගැන අවබෝදයක් තිබිච්ච උන්වහන්සේ දිරායන ශරීරයක් ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ මොකටද? අනික බෞද්ධ සිරිත නම් පැවිද්දන්ගේ දේහය ආදාහනය කිරීම. (නදී)
මේ දේහය පිළිබඳ විස්තර දැනගන්න අපි කැමතියි. (නි)
මට නම් මේ දේවල් ගැන හිතන්න කාලයක් නැහැ (නි)
සේන, මම හිතන්නේ ඔයා තොටගමුවේ රාහුල හිමියන්ගේ කතාව දන්නේ නෑ වගේ. ජනප්‍රවාදයේ හැටියට උන්වහන්සේ ශරීරයක් ආරක්ෂා කරන්න සිද්ධාලෝක රසය තෛලය වළදල නෑ. මතකය දියුණු වෙන්න උපකාර වෙන තෛලය තමයි වැඩිපුර වළදල තියෙන්නේ. උන්වහන්සේ අපවත් වෙලා නැතුව සිහි මුර්ජා වෙලා කියල හිතල වෙන්න ඇති ආදාහනය කරලා නැත්තේ. මොකද තවමත් රෝම වැවෙන නිසා. (නදී)
මේ රාහුල හිමියන්ගේ දේහය කියලා මට විශ්වාසයි (නි)
ඩී එන් ඒ එකක් කරන්න දෙන්නේ නෑනේ ඇත්ත අහුවෙයි කියලා... මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය. (ස)
මේ ෆ්‍රැන්සිස් සේවියර්තුමාම තමයි වෙන කවුරුවත් නෙවෙයි (දිල්)
ගමගේ, ජාන පරීක්ෂණයක් කරලා කාගේ ජාන එක්ක සංසන්දනය කරන්නද ? ඉතින් කොහොමද හරි යන්නේ (නදී)
ඩී එන් ඒ / ජාන පරීක්ෂා වෙන් ලංකාවේ පුද්ගලයෙකුගේ කියා ඔප්පු වුනා. එ්ත් ඔවුන් එ්ක පිළිගන්ඩ කැමති නැහැ. සේන මහත්තය බුද්ධාගම ගැන කිසිවක් නොදන්නා කෙනෙක් බව මට වැටහුණි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තවම විනාශ නොවී තිබෙන බවට සඳහන්ව තිබේ. (නදී)
මගේ ගෞරවය පුදකරමි! (නි)
රාහුල හාමුදුරුවෝ නැවකින් අරගෙන යද්දී නැවේ දී පෘතුගීසි සාන්තුවරයෙක් අසනීපයක් නිසා මැරෙනවා. එයාගේ මිනිය මුහුදට දාලා එයාගේ ඇඳුම් රාහුල හාමුදුරුවන්ට අන්දනවා. නැවේ ගොඩක් අය ගමන ඉවර වෙද්දී මැරෙනවා. මේ බව දන්නේ ලංකාවෙන් අරන් ගිය හිරකාරයෝ විතරලු. රාහුල හිමිගේ ආරක්ෂාවට ඒ මිනිස්සු රහස එලි කළේ නෑලු. පෘතුගාලේ මිනිස්සු හිතන් ඉන්නේ එයාලගේ සන්තු වරයා කියලලු. (බ)
ලෝකයේ තාක්ෂණය මෙච්චර දියුණු මට්ටමක තිබියදී මේ දේහය අයිති කාටද කියලා හඳුනාගන්න බැරි ඇයි? (නි)
ඇල්පිටිය ලෙනේදී මියගිය රාහුල හිමියෝ කොහොමද ස්පාඤ්ඤයේදී ත් මියගියේ කියලයි මම මේ කල්පනා කරන්නේ (නදී)
ටෝටගමුව තියෙන්නේ හික්කඩුව කිට්ටුව. (ර)
මෙහි ආගමික වශයෙන් ඇති වැදගත්කමක් නැහැ.සිදුවීමක් පමණ යි. පිට රටක සිදුවූ මරණයක් ගැන එවකට ලාංකිකයන්ට ,අයි තියක් කියන්න වුමනාවක් තිබුනේ නැහැ. ලංකාවේ තිබු දේහයක් පිට රටකට අරන් ගියා කියන එක යි ඉතිහාසයේ කියන්නේ.(හේ)
මනෝජ් ඔබ හරි මේ තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහය තමයි. අපි කුඩා කාලේ සිටම එ්ක අහල තියෙනවා. අපි අහල තියෙන හැටියට බණ්ඩාරගම වීදාගම රජ මහා විහාරයේ රාහුල හිමියන් ඉඳල තියෙන්නේ දැනටත් ඒ පන්සල් වත්තේ කෙලවරට වෙන්න ගලක් තියෙනවා. එතන ඒ ඉතුරු තෙල් ටික තියෙනවා කියල කියනවා. දැනට නම් ඒක කුණු රොඩු දාල වහල තියෙන්නේ. (නදී)
ටෝටගමුව කියන්නේ හික්කඩුව කිට්ටුව ගමක්. මටනම් පෙන්නේ ගොඩක් දෙනා රාහුල හාමුදුරුවෝ ගැන හරියට නොදන්නා බැවයි රාහුල හාමුදුරුවෝ ගැන විස්තර හොයල බලන්න. එතකොට මෙහෙම වැඩ කරන්න ඕන නැහැ. මේ රාහුල හාමුදුරුවන්ගේ සිරුර තමයි. (ර)
ගස්පේ නිකන් බහුබූත දොඩවන්නේ නැතුව කොහෙද සදහන්ව තියෙන්නේ කියලත් එ්කට සාක්ෂිත් දෙන්න (නදී)
කතෝලික සාන්ත සේවිඑර් මුනිතුමාගේ දේහය තමයි ඔය.(හේ)
යමෙකු ධර්මය දකිද හේ බුදුන් දෑක්කා සමානය, මිනියකට රන්ඩු වෙන්න ඒපා මොඩයනි (බ)
මෙම සිරුර කාගේද කියල සොයනවාට වඩා කල යුතු වන්නේ සිරුර ඇතුලේ තවමත් ක්‍රියාකාරී වන රසායනික ද්‍රව්‍ය සොයා ගන්න එක නේද. ඒක දැන ගත්තනම් ලෝකය අනිත් පැත්ත ගහන්න තිබ්බ. (බ)
මගේ ඉල පැන්නා බෙනට්ගේ කියමන දැකලා. (නදී)
මේක අනිවාර්යයෙන්ම අපේ මහා ගත්කරු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේම වෙන්න ඕනෑ. (නි)
සිරුරු කල්තබාගන්න ඊජිප්තුවේ මමී වලට උග්‍ර විෂ රාසායිනික වර්ග ආලේප කර ඇති බවට විද්යානඥයන් ප්‍රකාශ කර තිබෙනවා මෙම දේහයත් එවැනි දෙයක් කරලා ඇති රවුල කොණ්ඩය වැවෙන එක ගැන නම් කිව යුත්තේ එක සැබෑවක් ද කියලා මුලින් විද්‍යාඥයන් ලවා පරික්ෂා කලයුතුයි ,මොකද එසේ වීමටනම් ජීව සෛල මෙම දේහයේ තිබිය යුතුයි .(හේ)
රාහුල හාමුදුරුවන් තොටගමුව දැන් තෙල්වත්ත , මැටිවල ඉපදුනේ..අපවත් වූ සිරුර දින 2ක් ලෙනක තිබුනත් නරක උනේ නැති නිසා පෘතුගීසි පුදුම වෙලා , ගෝවේ කඳ වුරටගෙනියලා. (අ)
අපරාදේ D N A එක සොයා ගත්තේ කියල හිතෙනවා ඇති දැන් සමහරුන්ට (බ)
මේ ඉතින් තොටගමුවේ රාහුල හරි, ෆ්‍රැන්සිස් සේවියර් හරි, මළකුණු වලට වැඳලා කොයි වල යන්නද කියලා තමා අසන්න තියෙන්නේ, රාහුල හමුදුරුවන්ගේම භාෂාවෙන්. (නදී)
දැනගන්නට තිබෙන ප්‍රවෘත්ති අනුව මේ දේහය යුරෝපීය ජාතිකයෙකුට වඩා කුඩායි. කොහොම වුනත් ඩී එන ඒ පරීක්ෂාවක් කළහොත් ශ්‍රී ලාංකිකයෙකුගේද නැත්නම් ආසියාතිකයෙකුගේද යන්න නිවැරදිව දත හැකියි. රජයෙන් මේ පිලිබඳව උනන්දු වෙනවා නම් ඉතා අගෙයි. (නදී)
මේ දේහයේ එක අතක් අඩුයි නේද? විදේශිකයො කියන්නෙ ඒ අත කොටස් 2කට කපලා තැන් දෙකක තැන්පත් කළා කියලා. ඒත් එච්චර වටිනා කෙනෙක්ගෙ අත පය එහෙම කපයිද? (නි)
ලෝකෙට උගන්නන්න කලින් ලෝකෙන් ඉගෙනගන්න, දන්නේ නැති දේවල් ලෝකයේ කොච්චරනම් තියෙනවද,,,අරයට මෙයාට වැරදී කියනවට වඩා,දැනගන්න තියෙන දේවල් බුද්ධියට එකතුකරගන්න නොදන්නා දේවල් ආදරෙන් අසා දැනගන්න(දිල්)
මම නම් හිතන්නේ මේක දැන්වත් පුච්චලා දැම්මනම් ඉවරයි, අපරාදේ මිනිස්සුන්ගේ වටිනා කාලය,බඩගින්නේ ඉන්න මිනිස්සු අපේ රටේ කොච්චර ඉන්නවද, වැඩක් කරපල්ලා පිස්සු කෙලින් නැතිව (බ)
සාන්ත සේවියර් තුමාගේ දේහය ,රාහුල හාමුදුරුවන්න්ගේ කියන අයගේ දැන ගැනීම පිණිසයි. සාන්තුවරයෙක් වන්නේ ඔහු හෝ ඇය ජීවත්ව ඉද්දි කරපු හොද ක්‍රියා මතයි. සාක්ෂියක් වසයෙන් සමහර සාන්තුවරුන්ගේ ශරීරය මියගිය පසු දිරන්නේ නැහැ. ප්‍රංසේ ඉතාලියේ සහ තවත් රටවල මෙවැනි නොදිරන ශරීරියන් ගොඩක් තියනවා. (නදී)
අනිත් ආගම් වලට බනින්න එපා. ඔයාලගේ ආගම ගැන ඉගෙනගන්න (නි)
මිය ගිය අයගේ සිරුරු කල් තබා ගැනීමේ සම්ප්‍රදායයක් බෞද්ධයන් අතර නැහැ.(හේ)
ලෝකේ වැඩි දෙනෙක් බොරුවට කැමතියි. කව්රු මොනවා කිව්වත් ලෝක ශක්තිය ගැන දේශනා කරලා තියෙන්නේ බුදුන් වහන්සේ විතරයි. හැමෝම උත්සහ කරලා තියෙන්නේ ලෝකය ලස්සන තැනක් කරන්න හැම සත්වයාටම යහපත් තැනක් කරන්න. දැන් ඉන්න ආගමික නායකයොයි අන්තවාදීන් එකතු වෙලා තමන්ට ඕන විදියට ධර්මය වෙනස් කරගෙන ලෝකේ විනාස කරන්න හදනවා. වෙනත් ආගම් වල දේවල් අරන් තමන්ගේ කියල කියනවා. බැලුවම ලෝකේ පුරාම ආගම් වල වැඩි හරියක් වදින්නේ බෞද්ධ ආගමික දේවල් වලට. ඒකෙන් තේරෙනවා බෞද්ධ ආගම ලෝකෙට කරලා තියෙන සේවය. (නදී)
මට සම්පුර්ණ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් (නි)
බටහිර රටවල් හැමදාම කරේ අනුන්ගේ දෙයක් තමන්ගේ කියලා පෙන්නුම් කරන්න යන එකයි. (හේ)