උත්පලා මධුෂානි දැරියගේ පාදයේ සැත්කම සඳහා අරමුදල් අවශ්‍ය බව ලංකාදීප එසැණ පසුගිය මැයි 12 වැනි දා ‘අගෝස්තුවට පෙර කකුල හදාගන්න උදව් ඉල්ලයි‘ මැයෙන් පළකළ පුවත දුටු ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන මහතා, එම කාර්ය මණ්ඩලය සහ එරෙට ශ්‍රී ලාංකිකයෝ ද එම දරියට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වූහ.
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයයේ සංවිධායකත්වයෙන් පැවැති අවුරුදු උත්සවයට එරට ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග සහ අරමුදල්වල ඉතිරිය එම දැරියගේ පාදයේ සැත්කමට ලබා දුන්හ.
සියලු දෙනාගේ එකඟත්වයෙන් එම මුදල කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් සිසුවිය හා පවුලේ අය හමුවී ලබා දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප් ජයවර්ධන මහතා ඇතුළුව මේ සඳහා දායක වූ සියළු දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු. (අ)
කවුරු කලත් හොඳ වැඩ හොඳ වැඩම තමයි.(අ)
ඔබ සැමට පින්! (නි)
මල් වගේ ලස්සන දුවරු ටික. මෙවන් පුණ්‍ය කර්ම කිරීමට සියලු දානපතීන්ගේ සිත් යොමු වේවා!දුවගේ අනාගතය සාර්ථක වේවා! (අ)
පිටරටවල පදිංචි වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් එකමුතු වෙලා එක ඩොලර් එකක්, එක යුරෝ එකක් මාසයකට එකතු කරලා ලංකාවේ කර්මාන්තයක් නඟා සිටුවන්න උපකාරී කරනවා නම්, වෙළඳ පොලක් ලබා දෙන්නට උත්සාහ කරනවා නම් සුන්දර දිවයිනක් කරගන්න වෑයමට රුකුලක් වේවි. හැබැයි දේශපාලකයිනුත් එම මුදල් ගසා කෑම නැවැත්විය යුතුයි. (නි)
ගොඩක් ලොකු පින්කමක් (නදී)
කොහේ ජිවත් උනත් ලංකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි.මේක ඊට හොද උදාහරනයක් ......ස්තූයි. (අ)
අනේ වාසනාවන් මෙවන් පින්වත් මිනිස්සු (නදී)
ෆ්රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජයවර්ධන මහතා ඇතුළු කාර්යමණ්ඩලයේ මහඟු ක්‍රියාව අගේ කල යුතුයි! අන් ශ්‍රී ලංකා තානාපති වරුන්ට ද ආදර්ශයක්! (ස)
මෙතුමාගේ මිත්තණිය වන එලිනා ජයවර්ධන මැතිණියත් අප්‍රසිද්ධියේ බොහෝ නැති බැරි අයට උපකාර කළ කාරුණික පරිත්‍යාගශීලී කාන්තාවක්. (නි)
කවදාකවත් රටට ජාතියට ආගමට අගෞරව වෙන විදියට ඔබවත් ඔබගේ පියාවත් වැඩ කළේ නැහැ. ඔබට ගොඩක් පින්! (නි)
ෆ්රැන්ක්ට් ලාංකිකයන්ට සහ කොන්සල් ජනරාල් මහතාට පිං, ඔබ සැමට රටට තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා (නදී)
උදාර පින්කමක්. සියලු දෙනාට බොහොම පින්. (නදී)
මට මෙතුමා ජර්මනියදී හමුවී තිබෙනවා. නිවුණු මහත්මයෙක්. ප්‍රනාමයක්.(නදී)