IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ෆ්රැන්ක්ෆර්ට් කොන්සල් ලොකු පිංකමක් කරයි

උත්පලා මධුෂානි දැරියගේ පාදයේ සැත්කම සඳහා අරමුදල් අවශ්‍ය බව ලංකාදීප එසැණ පසුගිය මැයි 12 වැනි දා ‘අගෝස්තුවට පෙර කකුල හදාගන්න උදව් ඉල්ලයි‘ මැයෙන් පළකළ පුවත දුටු ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන මහතා, එම කාර්ය මණ්ඩලය සහ එරෙට ශ්‍රී ලාංකිකයෝ ද එම දරියට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වූහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයයේ සංවිධායකත්වයෙන් පැවැති අවුරුදු උත්සවයට එරට ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග සහ අරමුදල්වල ඉතිරිය එම දැරියගේ පාදයේ සැත්කමට ලබා දුන්හ.

සියලු දෙනාගේ එකඟත්වයෙන් එම මුදල කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් සිසුවිය හා පවුලේ අය හමුවී   ලබා දෙනු ලැබීය.

ffm_Uthpala



අදහස් (0)

ෆ්රැන්ක්ෆර්ට් කොන්සල් ලොකු පිංකමක් කරයි

සුදත් ශ්‍රී Friday, 25 July 2014 03:46 AM

ප්‍රදීප් ජයවර්ධන මහතා ඇතුළුව මේ සඳහා දායක වූ සියළු දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු. (අ)

:       0       0

සත්‍යා Friday, 25 July 2014 04:28 AM

කවුරු කලත් හොඳ වැඩ හොඳ වැඩම තමයි.(අ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 24 July 2014 12:34 PM

ඔබ සැමට පින්! (නි)

:       0       0

පද්මිනි Friday, 25 July 2014 04:56 AM

මල් වගේ ලස්සන දුවරු ටික. මෙවන් පුණ්‍ය කර්ම කිරීමට සියලු දානපතීන්ගේ සිත් යොමු වේවා!දුවගේ අනාගතය සාර්ථක වේවා! (අ)

:       0       0

විතාරණ Friday, 25 July 2014 07:00 AM

පිටරටවල පදිංචි වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් එකමුතු වෙලා එක ඩොලර් එකක්, එක යුරෝ එකක් මාසයකට එකතු කරලා ලංකාවේ කර්මාන්තයක් නඟා සිටුවන්න උපකාරී කරනවා නම්, වෙළඳ පොලක් ලබා දෙන්නට උත්සාහ කරනවා නම් සුන්දර දිවයිනක් කරගන්න වෑයමට රුකුලක් වේවි. හැබැයි දේශපාලකයිනුත් එම මුදල් ගසා කෑම නැවැත්විය යුතුයි. (නි)

:       0       0

මංජුල Thursday, 24 July 2014 02:19 PM

ගොඩක් ලොකු පින්කමක් (නදී)

:       0       0

ජෝන් Thursday, 24 July 2014 03:03 PM

කොහේ ජිවත් උනත් ලංකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි.මේක ඊට හොද උදාහරනයක් ......ස්තූයි. (අ)

:       0       0

අජිත් Thursday, 24 July 2014 04:16 PM

අනේ වාසනාවන් මෙවන් පින්වත් මිනිස්සු (නදී)

:       0       0

ලලිත් ගංහේවා Friday, 25 July 2014 10:06 AM

ෆ්රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජයවර්ධන මහතා ඇතුළු කාර්යමණ්ඩලයේ මහඟු ක්‍රියාව අගේ කල යුතුයි! අන් ශ්‍රී ලංකා තානාපති වරුන්ට ද ආදර්ශයක්! (ස)

:       0       0

ජයනි Thursday, 24 July 2014 10:42 PM

මෙතුමාගේ මිත්තණිය වන එලිනා ජයවර්ධන මැතිණියත් අප්‍රසිද්ධියේ බොහෝ නැති බැරි අයට උපකාර කළ කාරුණික පරිත්‍යාගශීලී කාන්තාවක්. (නි)

:       0       0

සමන්ත Friday, 25 July 2014 01:13 AM

කවදාකවත් රටට ජාතියට ආගමට අගෞරව වෙන විදියට ඔබවත් ඔබගේ පියාවත් වැඩ කළේ නැහැ. ඔබට ගොඩක් පින්! (නි)

:       0       0

සිදත් Friday, 25 July 2014 01:53 AM

ෆ්රැන්ක්ට් ලාංකිකයන්ට සහ කොන්සල් ජනරාල් මහතාට පිං, ඔබ සැමට රටට තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා (නදී)

:       0       0

දයා Thursday, 24 July 2014 11:23 AM

උදාර පින්කමක්. සියලු දෙනාට බොහොම පින්. (නදී)

:       0       0

නැනී Friday, 25 July 2014 03:07 AM

මට මෙතුමා ජර්මනියදී හමුවී තිබෙනවා. නිවුණු මහත්මයෙක්. ප්‍රනාමයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site