නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා අද (26) පස්වරු 12.45ට සිංගප්පුරුව බලා පිටත් වීමට නියමිතය.
ඔහු පැමිණි පසු වැදගත් තීරණයක් ගැනීමට නියමිතය.
බොදු බලය රජයට සහාය දක්වතොත් තමා රජයෙන් ඉවත් වන බව ඔහු මීට කලින් කියා තිබිණි.
මේ අතර මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද උදේ 9.50ට එම්රේස්ටි යානයකින් සිංගප්පුරුව බලා ගියේය.
වරෙන්තුවක් ලබා සිටි නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පුරුව බලා ගියේ අද අලුයම 12.51ටය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆයිසර් මුස්තෆා සිංගප්පුරු යයි : ඇවිත් පිල මාරු කරයි?
ලෙස්ලි ජයවර්ධන Friday, 26 December 2014 06:23 AM
තව කී දෙනෙක් සිංගප්පුරුවට යයිද?
අනුර Friday, 26 December 2014 06:42 AM
දන්නැති නිසා අහන්නේ කොහෙද මේ යන්නේ.? (ර)
ලක්ෂ්මන් ජයවර්ධන Friday, 26 December 2014 06:44 AM
මේ ඔක්කොම සිංගප්පුරු යන්නේ මොකද? සැලුන් දොරෙන් රිංගල සිංගප්පුරු ආප්ප කන්නවත්ද? (නදී)
දුමුදු Friday, 26 December 2014 06:59 AM
පිල් මාරුකරන්න සිංගප්පුරු යන්නම ඕනද .රජයේ ගොඩක් අය අද පාන්දරම සිංගප්පුරු ගිහින් .සල්ලි ගහක්වත් තියනවද නැත්නම් ගෙවල් හොයනවද ? (නදී)
පතිරණ Friday, 26 December 2014 07:23 AM
සජින් වාස් ඒ ගැන බලාගනිවී .(හේ)
අල්විස් Friday, 26 December 2014 07:29 AM
ඔක්කෝම යන්නේ සිංගප්පූරුවට නේ!(නදී)
සී.කේ.ලංකාපුත්‍ර Friday, 26 December 2014 07:37 AM
සිංගප්පූරුවේ මෙහෙන් එන සරණාගතයන්ට අනාථ කදවුරක් ඇරලද ?(නදී)
ජෙහාන් Friday, 26 December 2014 07:47 AM
අපොයි දැන් මේ අමතක වෙන ලෙඩේට බෙහෙත් ගන්න යන කීවෙනි කට්ටියද ? (නදී)
බන්දුල පෙරේරා Friday, 26 December 2014 08:06 AM
මුතුහෙට්ටිගම මහත්තයත් එනවා නම් එන්නේ කෙලින්ම මයිත්‍රී මහත්තයගේ මාධ්‍ය සාකච්ඡාවට. ඇතුලේ ඉදන් දෙන්න ඕන ගේම ඉතා හොදින් කළා. බලන්නකෝ දැන් එයාව කට්ටිය නාවල බෝ පැලයක් කරලා ගන්න අපුරුව. ගස් ගෙම්බෝ ඔක්කොම 9 වෙනිදට ආයේ සැලුන් දොරෙන් හතර ගාතේ දාගෙන එනවා. (නදී)
ඒඩ්‍රියන්ද මෙල් Friday, 26 December 2014 08:09 AM
සිංගප්පූරුව සම්බන්දව කියන කතා අහක දාන්නත් බැහැ එහෙනම් (නදී)
සුජාන් Friday, 26 December 2014 08:40 AM
සජින් ගියානම් ඩීල් එකක් දාගෙනම එයි...! හැබැයි පිල් මාරු කරයිද දන්නේ නෑ. (බ)
සල්ගාදු ප්‍රංශය Friday, 26 December 2014 08:46 AM
ගොඩාක් කට්ටිය (දේශපාලකයන් ) වැදගත් තීරණ ගන්නට යන්නේ සිංගප්පුරුවට , මොකක්ද රහස ? (බ)
ඇසළ Friday, 26 December 2014 08:50 AM
අපිට අවශ්‍ය බොදු බලේ මිසක් කැරකෙන තොප්පියක් නෙමෙයි. (බ)
මාටින් Friday, 26 December 2014 09:15 AM
අනේ ඔයාල ආයේ නෑවිත් ඉන්නවනම් ඒක රටට ලොකු දෙයක් (බ)
ගාමා Friday, 26 December 2014 09:42 AM
අනේ ඕක මෙහෙ ඇවිල්ලම කරන්න ඕනෙද ? අපිට මාර පාඩුවක් තමයි වෙන්න යන්නේ . මුළු බොදුබල සේනාවටම වැඩිය ස්වල්පය වටිනවද? (බ)
රන්ජිත් Friday, 26 December 2014 09:46 AM
සිංගප්පුරුවේ යන්නේ සිංගප්පුරුවේ කොපියක් ගහන්නද දන්නේ නෑ (බ)
සමන් කුමාර Friday, 26 December 2014 09:47 AM
දැන් කට්ට්ටිය මුත්‍රා බරක් හැදුනත් යන්නේ සිංගප්පුරුවට. (බ)
සෙත්මි Friday, 26 December 2014 10:43 AM
දැන් බලාගෙන ගියාම සිංගප්පූරුවත් පුදුම රටක් වුණානේ (අ)
අමිල Friday, 26 December 2014 10:53 AM
සිංගප්පූරුවට වීසා ඕනි නෑ නේද? ඒ නිසා මම හිතන්නේ අපේ ඇඩ්රස් නැති සේරම යන්නේ එහාට.(හේ)
රොබින් Friday, 26 December 2014 12:38 PM
බෞද්ධ බලය කියන්නේ සිංහලයාගේ බලය. (නදී)
සිල්වා Friday, 26 December 2014 01:01 PM
යන කට්ටියම සේරම ගියාම සිංහල රජයක් ගෙනියන්න පුළුවන් මහින්ද ජනාධිපති තුමාට කරදරයක් නැතිව (නදී)