නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා අද (26) පස්වරු 12.45ට සිංගප්පුරුව බලා පිටත් වීමට නියමිතය.
ඔහු පැමිණි පසු වැදගත් තීරණයක් ගැනීමට නියමිතය.
බොදු බලය රජයට සහාය දක්වතොත් තමා රජයෙන් ඉවත් වන බව ඔහු මීට කලින් කියා තිබිණි.
මේ අතර මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද උදේ 9.50ට එම්රේස්ටි යානයකින් සිංගප්පුරුව බලා ගියේය.
වරෙන්තුවක් ලබා සිටි නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පුරුව බලා ගියේ අද අලුයම 12.51ටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කී දෙනෙක් සිංගප්පුරුවට යයිද?
දන්නැති නිසා අහන්නේ කොහෙද මේ යන්නේ.? (ර)
මේ ඔක්කොම සිංගප්පුරු යන්නේ මොකද? සැලුන් දොරෙන් රිංගල සිංගප්පුරු ආප්ප කන්නවත්ද? (නදී)
පිල් මාරුකරන්න සිංගප්පුරු යන්නම ඕනද .රජයේ ගොඩක් අය අද පාන්දරම සිංගප්පුරු ගිහින් .සල්ලි ගහක්වත් තියනවද නැත්නම් ගෙවල් හොයනවද ? (නදී)
සජින් වාස් ඒ ගැන බලාගනිවී .(හේ)
ඔක්කෝම යන්නේ සිංගප්පූරුවට නේ!(නදී)
සිංගප්පූරුවේ මෙහෙන් එන සරණාගතයන්ට අනාථ කදවුරක් ඇරලද ?(නදී)
අපොයි දැන් මේ අමතක වෙන ලෙඩේට බෙහෙත් ගන්න යන කීවෙනි කට්ටියද ? (නදී)
මුතුහෙට්ටිගම මහත්තයත් එනවා නම් එන්නේ කෙලින්ම මයිත්‍රී මහත්තයගේ මාධ්‍ය සාකච්ඡාවට. ඇතුලේ ඉදන් දෙන්න ඕන ගේම ඉතා හොදින් කළා. බලන්නකෝ දැන් එයාව කට්ටිය නාවල බෝ පැලයක් කරලා ගන්න අපුරුව. ගස් ගෙම්බෝ ඔක්කොම 9 වෙනිදට ආයේ සැලුන් දොරෙන් හතර ගාතේ දාගෙන එනවා. (නදී)
සිංගප්පූරුව සම්බන්දව කියන කතා අහක දාන්නත් බැහැ එහෙනම් (නදී)
සජින් ගියානම් ඩීල් එකක් දාගෙනම එයි...! හැබැයි පිල් මාරු කරයිද දන්නේ නෑ. (බ)
ගොඩාක් කට්ටිය (දේශපාලකයන් ) වැදගත් තීරණ ගන්නට යන්නේ සිංගප්පුරුවට , මොකක්ද රහස ? (බ)
අපිට අවශ්‍ය බොදු බලේ මිසක් කැරකෙන තොප්පියක් නෙමෙයි. (බ)
අනේ ඔයාල ආයේ නෑවිත් ඉන්නවනම් ඒක රටට ලොකු දෙයක් (බ)
අනේ ඕක මෙහෙ ඇවිල්ලම කරන්න ඕනෙද ? අපිට මාර පාඩුවක් තමයි වෙන්න යන්නේ . මුළු බොදුබල සේනාවටම වැඩිය ස්වල්පය වටිනවද? (බ)
සිංගප්පුරුවේ යන්නේ සිංගප්පුරුවේ කොපියක් ගහන්නද දන්නේ නෑ (බ)
දැන් කට්ට්ටිය මුත්‍රා බරක් හැදුනත් යන්නේ සිංගප්පුරුවට. (බ)
දැන් බලාගෙන ගියාම සිංගප්පූරුවත් පුදුම රටක් වුණානේ (අ)
සිංගප්පූරුවට වීසා ඕනි නෑ නේද? ඒ නිසා මම හිතන්නේ අපේ ඇඩ්රස් නැති සේරම යන්නේ එහාට.(හේ)
බෞද්ධ බලය කියන්නේ සිංහලයාගේ බලය. (නදී)
යන කට්ටියම සේරම ගියාම සිංහල රජයක් ගෙනියන්න පුළුවන් මහින්ද ජනාධිපති තුමාට කරදරයක් නැතිව (නදී)