ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් දස ලක්ෂයේ පෙත්සමකට අත්සන් ගැනීමට එම පක්ෂය රට වටේ යයි.
අද (17) කෑගල්ලේදී ගිහි පැවිදි පිරිස් පෙත්සමට අත්සන් කළහ.අනෝමා ෆොන්සේකා මහත්මිය ද කෑගලු සංවිධායකවරුද එහි වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල කියන පුද්ගලයා මොනවගේ කෙනෙක්ද කියලා හිතෙනවා, ඔහු නිතර දක්වන අදහස් කියෙව්වාම! අනේ මේ විදිහේ මිනිස්සු ඉන්න රටක අපිටත් ඉන්න සිද්ධ වුණානේ! (නි)
මම මේ තීරුව බලනකොට 534 දෙනෙක් මේ පුවත කියවලා තිබෙන බව පෙනුනා. එත් කවුරුවත් අදහසක් දාලා නැහැ. හේතුව නම් තේරෙන්නේ නැහැ. (අ)
පලවෙනි බැනර් එක දැක්කම මට හිතුනේ ෆොන්සේකාගේ මුහුණ වෙනස් වෙලා තියෙන්නේ මොකද කියලයි. එකේ ලොකුවටා දාලා තියෙන පින්තුරේ අගතියට පත් කනාගේ නොවෙයිද.? (අ)
ඔහු සදා වීරයෙකි (නි)
රූපසිංහ, මම දන්නා තරමින් ග්‍රීන් කාර්ඩ් හිමියන්ට ඡන්දය ගැන ප්‍රශ්නයක් නැහැ (නි)
කඳ මිස හිස නැති -දෙලොවට වැඩ නැති - හිස් කොළ පුරවති.- රටට හිතක් ඇතිනම් හොඳ හද ඇති - මහා ජාතිය නොබෙදන් ඔබටත් පින් දෙති.(හේ)
එතුමා වෙනුවෙන් රටේ හැමකෙනෙක්ම පෙනී සිටින්න ඕනි කුහක දේශපාලනය පසෙකලා.(හේ)
අපේ නිර්බිත සෙන්පති තුමාට ජය වේවා අපි ඔබ සමගයි !මේ වෙනුවෙන් මගේ අත්සන ලබා දෙනවා.(හේ)
බන්දුල පෙරේරා කියන පුද්ගලයාගේ දැනුම මෙයින් පෙනෙනවා. (නි)
අත්සන්නම් එකාට කියක් ගහන්න බැරිද? ඕකත් නිකම් අර එස් එම් එස් මනාපේ වගේ තමයි..මෙතුමා නඩුවකින් වැරදි කාරය කියල ඔප්පු වුනු කෙනෙක්..අත්සන් වලින් උසාවි දඩුවමක් නිසා අහිමි වුනු ප්‍රජා අයිතිය ලැබෙන්නේ නැහැ.ඒ වගේම ඉතාම බරපතල චෝදනාවක් සහිත නඩුවක් විභාග වෙමින් තියෙනවා.මන් හිතන්නේ ඒ චෝදනා ඔප්පු වුනොත් ඔයිට වඩා දේවල් එතුමාට අහිමි වේවි ඉදිරියේදී. (අ)
ජෙනරාල් සරත් ෆොන්සේකා ඔබ අප හද තුල සදා සිටිනු ඇත ඔබගේ සේවය අපි අගය කරමු!!! (අ)
මම විදේශ රටක සේවය කරන්නේ. අපිත් ජනරාල්ට තමයි! සත්‍යය ඉදිරියට එනවා (නි)
බන්දුල පෙරේරා ගැන නම් හිතාගන්න අමාරුයි (නි)
බන්දුල පෙරේරා, ඊට වඩා දරුණු අපරාධ කරන උදවියත් ඉන්නවා. (නි)
බන්දුල පෙරේරාත් අහිංසක මහජනතාවගේ සල්ලි වලින් කන කෙනෙක් කියලා හොඳට පේනවා...ඇත්ත වැඩි ඈතක නොවෙයි (නි)
රූපසිංහ මහත්තයෝ මෙතුමාට ඇමෙරිකාවේ පුරවැසිකම ලැබුනේ හමුදාපති වෙලා ඉන්නකොට. එහෙම ගැටළුවක් නොතිබුන නිසා තමා මෙතුමා 2010 ජනාධිපතිවරණට ඉල්ලුවේ. 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලලා මන්ත්‍රී කෙනෙක් උනේ. 2014 බස්නාහිර පළාතේ ජන්දය පාවිච්චි කලේ. මෙතුමාට මෙහෙම කලේ දේශපාලන පලිගැනීමට සහ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන එක වලක්වන්න. මේ රටේ ද්විත්ව පුරවැසිකම ලැබෙන්නේ ඒ එයාගේ අයට පමණි. ඇමෙරිකාවේ පුරවැසිකම තියෙන දෙන්නෙක් මේ රටේ ප්‍රබලම දෙන්නෙක්. (නදී)
එතකොට රූපසිංහ, තව තව අයට ඡන්ද අයිතිය නැතිවෙන්න ඕනෑ නේද? (නි)
බන්දුල පෙරේරා, ඔබ අද පම්පෝරි ගහන්නේ මේ සෙන්පතියා තම ලේ, මස් පූජා කර ඔබට රටක් දිනාදුන් නිසා.මෙවන් රටක කල්ගෙවීමට එතුමාට සිදුවීම ගැන කණගාටු වෙමු. (නි)
සාමාන්‍යයෙන් රටක ඡන්ද අයිතිය තියෙන්නේ එම රටේ වැසියන්ටනේ. ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය නැත්තේ ඔහුට ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි නිසා. ඔහු ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්විටදී අප රටේ පවතින නීතිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසිවෙනවා. නැතිවී ගිය පුරවැසිභාවය නැවත රඳවා ගැනීමට ඉල්ලුම් කළයුතු වෙනවා. මෙම නීතියේ හරි වැරැද්ද කුමක් වුවත්, ෆොන්සේකා මහතා ශ්‍රී ලාංකිකක පුරවැසිකම රඳවා ගැනීමට ඉල්ලා නොමැති නම් ඔහුට ඡන්දය පාවිච්චි කළ නොහැකියි. මෙම හැඳින්වීම ෆොන්සේකා මහතාට විරුද්ධව අදහස් පළකිරීමක් නොව නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීම සඳහා පමණි. (නි)