ප්‍රාදේශිය සංවර්ධන ඇමැති හා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමරිකා එක්සත් ජනපදයට ගමන් කිරිම සඳහා ඇමරිකාව වීසා ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචි කියයි. 2009 යුද සමයේ යුද හමුදාපති වශයෙන් ක්‍රියාකරද්දී යුද හමුදාවේ අපරාධ සිදුවී යැයි ඔහුට වීසා නොදීමට හේතුව බව දැනගන්නට තිබේ.
ෆොන්සේකාගේ දියණියන් බැලීමට 2015 දී ඔහු කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලා සිටි නමුත් එය ද ප්‍රතික්ෂේප විය. කැබිනට් ඇමැතිවරයකු වු පසුව ද ඔහු ඇමරිකාවේ සංචාරයකට අවසර දෙන ලෙස ඉල්ලා ඇතැයි ද එම වීසා ඉල්ලුම්පත ද ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.
ඇමරිකා තානාපති ආරංචි මාර්ග පවසනුයේ පෞද්ගලික වීසා ඉල්ලුම්පත් ගැන එම පුද්ගලයාට හැර මාධ්‍යයට හෝ වෙනත් අයට කරුණු දැක්වීම ඔවුන්ගේ පිළිවෙත නොවන බවයි.
දැනගන්නට ඇති විදියට මෙම සිද්ධිය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවට ෆොන්සේකා කරුණු දැක්වීමට නියමිත බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කන්තෝරුවකින් එහෙම ඔය ටික මාධ්‍යවේදියෙකුට කිවුවනම් මෙලහට සමහරු බෝඩ් උස්සගෙන ඒ කන්තෝරුව ඉස්සරහ පිනුම් ගහනවා.දැන් ගහපල්ලකෝ පුලුවන්නම් පිනුම්? (බ)
එහෙමනම් නොගිහින් ඉන්න තරමට හොදයි නේද....(බ)
මෙම තහනම දමා ඇත්තේ යුද්ධයට වගකිවයුතු පුද්ගලයාටයි. මෙයින් පැහැදිලි වෙනවා පසුගිය යුද්ධය මෙහයවපු හරි නායකයා කව්ද කියල, මමයි මමයි කියපු අය නම් කිසි කරදරයක් නැතිව ඇමරිකාවට ගිහින් එනවා (බ)
යකාගේ හැටියටලු විමානේ. මෙයා ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගියෙත් නෑ. කළ එකම දේ මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට බැනපු එක පමණි (බ)
ශ්‍රීමාලි, අනේ ඔයා දන්නා යුද්ධේ. (ර)
ශ්‍රීමාලිගේ අදහස පසීර් මහතා හොඳින් තේරුම් ගෙන නැත. පළවී ඇති පුවතට අනුව එම අදහස වඩාත් නිවැරදි අගය කළ යුත්තකි. (ර)
පසීර් මහතාණෙනි, මම අදහස් ඉදිරිපත් කර ඇත්තේ පළවී ඇති පුවතට අදාළවයි. වින්සන්ට් මහතාට මගේ ස්තුතිය! (නි)
රට ඉවරයි මෙයාලා රට කළොත්. (නි)
මගේ හිතට නම් ලොකු සතුටක් දැනුනා (නි)
පසීර්, ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. මේ මෝඩ මිනිස්සු ඉන්නකන් ලංකාව ගොඩගන්න බැහැ. (නි)
මේ තමයි ඇමෙරිකාව වැඩකරන විදිය. ඕනෑම කෙනෙකුට සළකන්නේ ටික කාලයක් පමණයි. මේවට කලබල වෙන්න එපා. (නි)
පසීර් කියන කෙනා කොහෙද යන කයිවාරුකාරයෙක් වගෙයි පෙනෙන්නේ (නි)
වීසා නොදුන් එකමයි හොඳ (නි)
යුද්ධකළේ මෙයා කියලා කියන උදවියටම යුධ අපරාධ කළෙත් මෙයා කියලා පිළිගන්න වෙනවා. එයා චෝදනාව බාරගත්තේ නැත්නම් ඔයාලටම බාරගන්න වෙනවා. මෙයාව අමාරුවේ දාන්නෙත් මෙයාට ලකුණු දන උදවියම තමයි. (නි)
රට බේරගන්න මුලිකත්වය දුන් නායකයාට මෙහෙම කරන එක අසාධාරණයි. (ර)
මෙයා තමුන්ව නැති කර ගත්තා (ම)
දෑන් පිලිගන්න වෙනවානේ යුද්ධේ කලේ කවුද යනවග.? (ර)
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම වෙන දේ ඔන්න බලාගන්න. (බ)
ඔබාමා එක්ක එකතු වෙලා මහින්දට ඇමරිකා යන්න තිබ්බා (බ)
එදා සුදු කොඩි කතාව කියද්දී මෙච්චර දුර හිතුවේ නැහැ නේද. මේකට අපි සිංහලෙන් කියන්නේ ඉල්ලගෙන කෑම නොහොත් ඇදගෙන නෑම කියලයි. (බ)
ෆීල්ඩ් මාෂල් කුණු කුඩේට තමා (බ)
පවු වැඩේ! කොහොමත් ඇමරිකන්කාරයා විශ්වාස කිරීමට නොහැකියි (නි)