ප්‍රාදේශිය සංවර්ධන ඇමැති හා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමරිකා එක්සත් ජනපදයට ගමන් කිරිම සඳහා ඇමරිකාව වීසා ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචි කියයි. 2009 යුද සමයේ යුද හමුදාපති වශයෙන් ක්‍රියාකරද්දී යුද හමුදාවේ අපරාධ සිදුවී යැයි ඔහුට වීසා නොදීමට හේතුව බව දැනගන්නට තිබේ.
ෆොන්සේකාගේ දියණියන් බැලීමට 2015 දී ඔහු කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලා සිටි නමුත් එය ද ප්‍රතික්ෂේප විය. කැබිනට් ඇමැතිවරයකු වු පසුව ද ඔහු ඇමරිකාවේ සංචාරයකට අවසර දෙන ලෙස ඉල්ලා ඇතැයි ද එම වීසා ඉල්ලුම්පත ද ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.
ඇමරිකා තානාපති ආරංචි මාර්ග පවසනුයේ පෞද්ගලික වීසා ඉල්ලුම්පත් ගැන එම පුද්ගලයාට හැර මාධ්‍යයට හෝ වෙනත් අයට කරුණු දැක්වීම ඔවුන්ගේ පිළිවෙත නොවන බවයි.
දැනගන්නට ඇති විදියට මෙම සිද්ධිය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවට ෆොන්සේකා කරුණු දැක්වීමට නියමිත බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.