පසුගිය ආණ්ඩුව පාරවල් හදන බව කියා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන විසි අටක් ණයට ගෙන එම සල්ලි වෙනත් වැඩවලට යොදවාලා යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකදී කීවේය.
‘මේ සල්ලි මොන ක්‍රමයට ද ලබා දුන්නේ, මොන ව්‍යාපෘතිවලටද යොදවා තියෙන්නේ යන්න ආර්ථික කමිටුවෙන් හා අග්‍රමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදුවෙනවා.
මහින්ද රාජපක්ෂගේ අලුත් බලවේගය එක්සත් ජාතික පක්ෂයට නම් කිසිසේත්ම අභියෝගයක් නෙවෙයි. සරත් ෆොන්සේකා අපේ පක්ෂයත් සමග එක් වුණා. එය දැවැන්ත හයියක්. මහින්ද රාජපක්ෂ වටා බලවේගයක් තියෙනවා නම් ඉදිරි මැතිවරණයේදී බලා ගන්න පුළුවක්. මහින්දට ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. ඔහුට තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් පළි ගැනීමේ චේතනාවයි. මහින්ද රාජපක්ෂගේ ඔය කියන බලවේගෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම බලපෑමක් නැහැ.‘


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.