පසුගිය ආණ්ඩුව පාරවල් හදන බව කියා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන විසි අටක් ණයට ගෙන එම සල්ලි වෙනත් වැඩවලට යොදවාලා යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකදී කීවේය.
‘මේ සල්ලි මොන ක්‍රමයට ද ලබා දුන්නේ, මොන ව්‍යාපෘතිවලටද යොදවා තියෙන්නේ යන්න ආර්ථික කමිටුවෙන් හා අග්‍රමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදුවෙනවා.
මහින්ද රාජපක්ෂගේ අලුත් බලවේගය එක්සත් ජාතික පක්ෂයට නම් කිසිසේත්ම අභියෝගයක් නෙවෙයි. සරත් ෆොන්සේකා අපේ පක්ෂයත් සමග එක් වුණා. එය දැවැන්ත හයියක්. මහින්ද රාජපක්ෂ වටා බලවේගයක් තියෙනවා නම් ඉදිරි මැතිවරණයේදී බලා ගන්න පුළුවක්. මහින්දට ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. ඔහුට තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් පළි ගැනීමේ චේතනාවයි. මහින්ද රාජපක්ෂගේ ඔය කියන බලවේගෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම බලපෑමක් නැහැ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා.! අනාගත අපේ ජනපතිට. (ර)
ඉතින් කිසිම බලපෑමක් අභියෝගයක් නැත්තම් මොනවටද ඔය කියවන්නේ? කියවන්නේ නැතුව ඉඳලා ඡන්දෙදි බලාගන්න තිබුනනේ (නි)
හයිය බලාගන්න පුළුවන් ඉස්සරහට. (නි)
අම්මපා ඇත්ත නේන්නම්... (නි)
ඉදිරි මහ මැතිවරණයේදි ජාතික ලැයිස්තුවෙන් නොදමා ඡන්දෙට ඉදිරි පත්වුනොත් බලාගන්න පුළුවනි. (ර)
කාටද හයියක් ආවේ? (ර)
පසුගිය පාලනයේ වැරදි කියමින් මේ අය යැපෙනවා. මේ පාලනයේ වැරදි කියමින් ඊළඟට එන අය යැපෙනවා. මෙය අවසන්වන්නේ කවදාද? කව්රුත් නිතරම අපිරිසිදුකම ගැන කථා කරනවට වඩා, අපිරිසිදු නොවීමට ගතයුතු පියවර නොගන්නේ එය යැපීමට අවශ්‍ය බව තහවුරු කිරීමටද? (නි)
කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියා. ඇතුල්කෝට්ටේ ඉඳලා පිටකෝට්ටේට ගිහින් කොළපාට මල් මාලයක් දාගත්ත එකට නම් අපිට හරිම සන්තෝෂයි. (නි)
ජයවේවා! ජයවේවා!! ජයවේවා.....!!! (නි)
ෆොන්සේකාට ඡන්ද කීයක් ලැබුනද? මොකක්ද ඔහුට තිබෙන ජනබලය? (නි)
සියල්ල මෙලෙස වෙනස්වීම දෛවයේ සරදමකි. (නි)
අපරාදේ මෙච්චරකල් හිටියේ එයාව ගන්නේ නැතුව. (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ අය ආණ්ඩුව ඇතුළට අරගෙන ඇමතිකම් දීලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ජනතාවට රිදවන්නද? (නි)
එදා සමහරුන්ට වදයක් වුණ මිනිසා අද සවියක්. හෙට? (නි)