බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නිට්ටඹුව නගරයේදී අද (20) ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීමට පොලීසිය ඉඩ දුන්නේ නැත.බලපත්‍රයක් ඇතැයි ඔවුන් කීවත් බලපත්‍රයක් ඉදිරිපත් නොවු බව පොලීසිය කියයි.
පක්ෂ නායක සරත් ෆොන්සේකාට ඡන්ද අයිතිය ඉල්ලා අත්සන් දස ලක්ෂයක් එකතු කරමින් මහනුවර සිට කොළඹ බලා එද්දී නිට්ටඹුවේදී පෙරදින මැර ප්‍රහාරයක් එල්ල වු ස්ථානයේ අද මෙම රැස්වීම පැවැත්විණි.
පොලීසිය හා පාක්ෂිකයින් අතර උණුසුම් වචන හුවමාරුවක්ද එහිදී ඇති විණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා, මේ අහන්න, සරත් ෆොන්සේකාට එහෙම උණක් නැහැ. එතුමාට තියෙන්නේ රට ගැන හදවත තුළින් මතුවී ඔඩුදුවන ජාතිහිතෛෂී හැඟීමක්. ඒ නිසා එතුමා රට වෙනුවෙන් සිංහලයා වෙනුවෙන් ඇපකැප වී වැඩ කරනවා.බලාගෙන ඉන්න අනාගතය ලස්සන වෙන හැටි. (නි)
මේ මනුස්සයට කරන දේ නම් හොඳම නැහැ (නදී)
නොයෙල් , සරත් ෆොන්සේකා මහතා බලයට ආවත් මීට වැඩියෙන් කරනවා. එතුමාගේ වැඩ කටයුතු අසාර්ථක වෙන්නේ ඔවුගෙන් වෛරීය දේශපාලනයක් පිළිබිඹු වන නිසයි.එතුමාගාව එදා හිටපු අයගෙන් අද ළඟ ඉන්න අය කීදෙනාද කියලා බලන්න.(හේ)
අද රත්න හිමියන්ට විරුද්දව ශබ්ද විකාසන වලින් ඝෝෂා කරගෙන කෝට්ටේ මහා පාර දීගේ කට්ටියක් පෙළපාලි ගියා. පොලිසියේ ලොක්කෝ කුක්කෝ වගේ පැත්තකින් ගියා කිසිම බාදාවක් ඒවාට නැහැ .අනේ ලංකාවේ පොලිසිය. (නදී)
ඉදිරියේදී මේ දේවල් වල ප්‍රතිඵල බලාගන්න පුළුවන්. (නි)
මම සරත් ෆොන්සේකා නම් මේ තරම් කළගුණ නොදන්නා සත්ව කොට්ටාශයකට සේවය කරන්න මේ තරම් දුක් විඳින්නේ නැහැ. රට බල්ලට ගියානම්, බල්ලන්ටම රට කරවන්න දීල කකුල් දෙක උඩ තියාගෙන විදේශ නාලිකාවල වැඩ සටහන් බලා සතුටින් කාලය ගත කරනවා. (නදී)
බලයට එන්නටත් පෙර සිටම නීති කඩනවානම්. බලයට ආවම කොහොම වෙයිද ? නීතියට ගරු කරන දේශපාලකයන් අද අපට ඕනේ (දිල්)
හැම තැනම අසාධාරණකම් (දිල්)
ඉල්ලුවහම දෙන්නේ නැහැ පස්සේ ඇවිල්ල කියනවා බලපත්‍ර නැහැ කියලා.(දිල්)